?
10th November 2025 10:25:53 Hours
ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉන්දියානු යුද හමුදාව අතර සංවිධානය කරන ඒකාබද්ධ හමුදා පුහුණු වැඩසටහන "මිත්‍ර ශක්ති XI" සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා වල නිලධාරීන් 34 දෙනෙකු සහ සෙසුනිලයින් 101 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 2025 නොවැම්බර් 09 වන දින ඉන්දියාව බලා පිටත්ව යන ලදි.
අභ්‍යාසය සඳහා පිටත්ව වන ලද කණ්ඩායමට, ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් නිලධාරීන් 08 දෙනෙකු සහ සෙබළුන් 02 දෙනෙක් ද, ගජබා රෙජිමේන්තුවෙන් නිලධාරීන් 13 දෙනෙකු සහ සෙබළුන් 75 දෙනෙක් ද, මේ සඳහා අනුබද්ධිත අනෙකුත් රෙජිමේන්තු වලින් නිලධාරීන් 13 දෙනෙකු සහ සෙබළුන් 24 දෙනෙක් ද ඇතුලත් වන ලදි.
මෙම කණ්ඩායම පිටත්ව යාමට ප්‍රථම, ගජබා රෙජිමේන්තු අධිපති සහ මධ්‍යස්ථාන සේනාවිධායක ඔවුන් සමග සුහද කතා බහක නිරත වෙමින් ඔවුන් දිරිමත් කළ අතර, සාර්ථක සහ ප්‍රයෝජනවත් පුහුණුවක් සඳහා සුභ පැතුම් එක් කරන ලදී.
මෙම කණ්ඩායම 2025 නොවැම්බර් 09 වන දින, දහවල් 2.30 ට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ඉන්දියාව බලා පිටත් වූ අතර, ඔවුන් 2025 නොවැම්බර් 23 වන දින දක්වා ඉන්දියානු හමුදා සමඟ එක්ව හමුදා පුහුණු කටයුතු වල නිරතවීමට නියමිතය.
"මිත්‍ර ශක්ති XI" යුද හමුදා අභ්‍යාසය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වීපාක්ෂික හමුදා සබඳතා වඩාත් ශක්තිමත් කරමින්, ප්‍රාදේශීය ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා වැදගත් වේදිකාවක් ලෙස ක්‍රියා කරයි.