01st November 2024 14:13:37 Hours
යාපනය ආරක්ෂක සේනා ආඥාපති හා ගජබා රෙජිමේන්තුවෙහි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එම් ජී ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් එම් සී බී වික්රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී විසින් 2024 ඔක්තෝබර් මස 26 දින 2 වන ගජබා (ස්වේච්ඡා) බළඇණිය හා 5 වන ගජබා (ස්වේච්ඡා) බළඇණියෙහි සංචාරයක නිරත විය.
කදවුර වෙත පැමිණි රෙජිමේන්තු අධිපති තුමන්ව අණදෙන නිලධාරීන් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනිමින් රෙජිමේන්තු අධිපති තුමා හට සම්මාන මුරයක් පිරිනමන ලද අතර, එතුමන් 5 වන ගජබා (ස්වේච්ඡා) බළඇණියෙහි මියගිය රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීමටද අමතක නොකලේය. මෙහිදි බළඇණි සංචාර සනිටුහන් කරමින් රෙජිමේන්තු අධිපති තුමා විසින් රුක් රෝපනයක්ද සිදුකරන ලදි.
පසුව සියලුම භට පිරිස් අමතා විනය සහ වගකීම වැනි වටිනා කරුනු අවධාරණය කර දි, බළඇණියන්හි සියලුම නිලධාරින් හා සෙසුනිලයින්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ හමුදා සහ සිවිල් ජීවිතයේ අඛණ්ඩතාව සහ සමබරතාවය පවත්වා ගන්නා ලෙසයි.
පසුව කඳවුරු පරිශ්රය නිරීක්ෂණය කළ ඔහු බළඇණි නිලධාරී නිවස්නයේදී සියලුම නිලධාරීන් සමඟ සුහද කතාබහකින් පසු මෙම සංචාරය අවසන් විය.