09th January 2025 09:51:26 Hours
ගජබා රෙජිමේන්තුවේ ගෞරවනීය සාමාජිකයෙකු වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා යුධ හමුදාධිපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කළ ප්‍රථම ගජබා රෙජිමේන්තු නිලධාරියා වන අතර, එතුමන්ගේ අද්විතීය සේවය වෙනුවෙන් සාලියපුර ගජබා නිවහනේදී උපහාර උත්සවයක් 2024 දෙසැම්බර් මස 29 දින පවත්වන ලදී. මෙම උපහාරය ගජබා රෙජිමේන්තුවටත් තම මව්බිමටත් සිදු කළාවූ අමිළ මෙහෙවරට ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සුවිශේෂී හමුදා සේවය සහ නායකත්වය අගයමින් සිදුකරන ලදි. ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ මේජර් ජෙනරාල් විජය විමලරත්න සෙන්පතිදුන්ගේ ආභාෂය මතින් ගෙන ආ ඔහුගේ වෘත්තීය ජීවිතය අනාගත හමුදා වෘත්තිකයන්ටද නිවැරදි මාර්ගෝපදේශයක් ලබා දෙයි.
මෙම සුවිශේෂී අවස්ථාව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ඉතිහාසයේ දීර්ඝතම කාල පරිච්ඡේදයක් එනම් වසර හතළිස් එකක විචිත්‍රවත් වෘත්තීය දිවියේ කූටප්‍රාප්තිය, ඔහුගේ නොසැලෙන කැපවීම, සුවිශේෂී නායකත්වය සහ ගැඹුරු දේශප්‍රේමය වෙනුවෙන් විශිෂ්ටත්වයේ සහ ආනුභාවය සනිටුහන් කරයි.
රෙජිමේන්තු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා මියගිය විරුවන්ට තම උපහාරය පිදීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් නික්ම යන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තුමන් වෙත අභිමානවත් කදවුරු මුරයක් පිළිගන්වන ලදි. රෙජිමේන්තුවේ ගෞරවනීය නිර්මාතෘ වන දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි සෙන්පතිදුන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් රෙජිමේන්තුවේ සාම්ප්‍රදායික පිළිවෙත් ආවර්ජනය කරන ලදි.
මෙම සුවිශේෂි අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එම් ජී ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් එම් බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධික්ෂණය හා මග පෙන්වීම මත ගජබා රෙජිමේන්තුවේ අභිමානය සහ විනය පිළිබිඹු කරමින් උත්කර්ෂවත් සම්මාන පෙළපාලියකින් උපහාර පුදන ලදි. ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, රෙජිමේන්තුවේ නිර්මාතෘ මේජර් ජෙනරාල් විජය විමලරත්න සෙන්පතිදුන් සිහිපත් කරමින්, මූලස්ථානය, පෙළපාළි චතුරශ්‍රය සහ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඇතුළු ඔහුගේ පාලන සමයේදී සංවර්ධනය කරන ලද ප්‍රධාන යටිතල පහසුකම් සහ ජයග්‍රහණ ඉස්මතු කරමින් භට පිරිස් ඇමතීය. ශ්‍රී ලංකාවේ සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් දිවි පිදූ මියගිය සොල්දාදුවන්ට ගෞරව කරන අතරම එකමුතුකම, වෘත්තීයභාවය සහ උසස් ප්රමිතීන් ආරක්ෂා කරන ලෙසත් ඔහු රෙජිමේන්තුවෙන් ඉල්ලා සිටියේය. ගජබා රෙජිමේන්තුවේ එකමුතුකම සහ සුහදත්වය සමරමින් සංකේතාත්මක පැළ සිටුවීමකින් සහ සමූහ ඡායාරූපයකින් උත්සවය අවසන් විය.
මෙම ගෞරවනීය අවස්ථාවේ නික්ම යන ආරක්ෂක මාණ්ඩලික ප්රධානිගේ සෙවයට උපහාර දැක්වීමට සහ ඔහුගේ සුවිශේෂී ජයග්‍රහණ ගෞරවයෙන් හා සුහදතාවයෙන් සැමරීමට ගජබා රෙජිමේන්තු නිලධාරීන්ගේ භෝජනාගාර පරිශ්‍රයේ දී විශිෂ්ඨ රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වමින් සම්ප්රදායක සමුගැනීමේ උපහාර උලලෙහි නිමාව සංකේතවත් කරන ලදි.
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සෙන්පතිදුන් සැබෑ දේශප්‍රේමියෙකි, දක්ෂ නායකයෙකි, ශ්‍රී ලංකාවට අද්විතිය මෙහෙවරක් ඉටුකල ආදර්ශමත් චරිතයකි. මව් බිමේ සහ එහි ජනතාවගේ යහපැවැත්ම සඳහා ඔහුගේ අඛණ්ඩව දායකත්වය, රටේ සමෘද්ධිය සඳහා ඔහුගේ නොසැලෙන කැපවීම පිළිබඳ සාක්ෂියකි. රෙජිමේන්තුවට, ශ්‍රී ලංකා යුද හමුදාවට, අනෙකුත් සහෝදර සේවාවන්ට සහ මුළු මහත් ජාතියටම ඔබ කළ අසමසම සේවාව වෙනුවෙන් අපි ඔබට ආචාර කරන්නෙමු. ගජබා රෙජිමේන්තුව එහි විශිෂ්ටතම පුත්‍රයෙකුට සමුදෙන විට, ඔහු තැබූ ආදර්ශයෙන් එය උසස්, ආඩම්බර සහ ආනුභාවයෙන් නැගී සිටියි. සෞඛ්‍යය, සතුට සහ ආදරණීය මතකයන්ගෙන් පිරුණු තෘප්තිමත් විශ්‍රාම දිවියකට ආශිර්වාද කරන්නෙමු. යුධ විරුවන් කිසි විටෙකත් මිය යන්නේ නැත. ඉතිහාස වංශ කතාවේ නොමැකෙන සටහන් රන් අකුරින් තැබූ ඔබ සමස්ථ ජාතියේම සැම කල්හිම විරුවෙකි.