Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

28th July 2018 12:22:05 Hours

ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ හිටපු රෙජිමේන්තු සැරයන් මේජර් තුමන්ගේ නික්ම යාම හා නව රෙජිමේන්තු සැරයන් මේජර් තුමන්ගේ රාජකාරී භාරගැනීම

ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් වශයෙන් රාජකාරී කල බළලත් නිලධාරී 1 වයි එම් එම් බී පිටවල ආර්එස්පී යුඑස්පී විශ්‍රාම යාම නිමිත්තෙන් 2018 ජුලි මස 27 වන දින සාලියපුර ගජබා නිවහනේදී සම්මාන පෙළපාලියක් පවත්වන ලදි. මේ අවස්ථාවේදී බළලත් නිලධාරී 1 පී බී ඒ බංඩාර විසින් විශ්‍රාම යන රෙජිමේන්තු සැරයන් මේජර් මහත් හරසරින් පිළිගත් අතර, මෙම අවස්ථාව සඳහා සෙසුනිලයින් විශාල ප්‍රමාණයක්ද, රෙජිමේන්තු සැරයන් මේජර් ගේ පවුලේ ඥාතීන්ද සහභාගී වන ලදි

ඔහුගේ නික්ම යාමත් සමග 2018 ජුලි මස 28 වන දින සිට රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව රෙජිමේන්තු සැරයන් මේජර් වශයෙන් බළලත් නිලධාරී 1 ඩබ්ලිව් ඩී සනත් කුමාර ආර්එස්පී විසින් රාජකාරීන් භාරගැනීම සිදුකරන ලදි.