Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

17th June 2024 09:50:01 Hours

ගජබා රෙජිමේන්තු අන්තර් බලඇණි බැඩ්මින්ටන් ශූරතාව -2024 අවසන් කෙරේ.

ගජබා රෙජිමේන්තු ක්‍රීඩා අංශය විසින් සංවිධානය කරන ලද අන්තර් බලඇණි බැඩ්මින්ටන් තරඟාවලිය - 2024 යුද්ධ හමුදාධිපති සහ රෙජිමේන්තු අධිපති ලුතිනන් කර්නල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ගේ මගපෙන්වීම යටතේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අරුණ විජේකෝන් යුඑස්පි එන්ඩිසි ගේ පූර්ණ අධික්‍ෂණයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන ගෘහස්ත ක්‍රීඩාගාරයේදී 2024 මාර්තු 14.15 සහ 16 යන දිනයන්හී පවත්වන ලදී.

තරගාවලියේ මූලික වටයේ තරග 2024 මාර්තු 14 සහ 15 යන දිනයන් හිදී නවක කේවල, නවක යුගල, වයස අවු: 30ට වැඩි කේවල, වයස අවු: 30ට වැඩි යුගල, වයස අවු: 35ට වැඩි කේවල, වයස අවු: 35ට වැඩි යුගල, වයස අවු: 40ට වැඩි කේවල සහ වයස අවු: 40ට වැඩි යුගල යන කාණ්ඩ යටතේ පැවැත්විණි. තරඟාවලියේ අවසන් තරඟ 2024 මාර්තු 16 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී ආරම්භ වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අරුණ විජේකෝන් යුඑස්පි එන්ඩිසි මෙම අවස්ථාවට සහභාගී විය.

වයස අවු: 35 ට වැඩි කේවල අවසන් මහා තරගයේදී 2 වන (ස්වේච්ඡා) බළඇණියේ සෙ/2ජි03354 කෝප්‍රල් පත්මසිරි ඒඑම්, එම බළඇණියේම සෙ/21ජි00232 කෝප්‍රල් ගුණපාල එම්එන් ගේ දක්ෂතා අභිබවා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකර ගන්නා ලදි.

2 වන (ස්වේච්ඡා) බළඇණිය විසින් ගජබා රෙජිමේන්තුවේ 2024 වසරේ බැඩ්මින්ටන් ශූරතාව දිනා කුසලානය හිමිකර ගත් අතර, අන්තර් බලඇණි බැඩ්මින්ටන් තරඟාවලියේ අනුශූරතාවය 5 වන (ස්වේච්ඡා) බළඇණියේ ක්‍රීඩකයින් විසින් දිනා ගන්නා ලදී.

මෙම අවසන් තරඟ නැරඹීමේ අවස්ථාවට නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් සමන්ත ආරච්චිගේ, ඇතුළු රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරින් ද 22 වන බළඇණීයේ අණදෙන නිලධාරී, 5 වන (ස්වේච්ඡා) බළඇණියේ අණදෙන නිලධාරී, සියලුම නිලධාරීන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සෙසු නිලයින් සහභාගී වූහ.