01st November 2024 10:53:44 Hours
ශ්‍රී ලංකා යුධ හමුදාවේ කීර්තිමත්ම රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවේ 41 වැනි සංවත්සරය නිමිත්තෙන් තම දේශය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් ගෞරවනීයව සැමරීම ඔක්තෝබර් මස 13 වන දින සන්ධ්‍යාවේ ගජබා රණවිරු ස්මාරකය අභියසදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණ. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එම් ජී ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් එම් සී බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගීවන ලදි. තම ප්‍රාණය මව්බිම වෙනුවෙන් කැපකල ගජබා සෙන්පති වරුන් 171 ක් සහ රණකාමී කෙටේරි වරුන් 4,068 ක් ද, නිලධාරීන් 176 ක් සහ ගජබා විරුවන් 4,463 ක් දීර්ඝ කාලීනව පැවති වාර්ගික ගැටුමේ දී මාතෘභූමිය වෙනුවෙන් තම වටිනා ජීවිතය කැප කර රණක්ෂිතයට පත්ව ඇති අතර, ඔවුන් සියළුදෙනා සැමරීම මෙහිදී සිදුකරන ලදි. මියගිය සහ රණක්ෂිතයට පත්වන ලද රණවිරුවන්ගේ පවුල් වල ලඟම ඥාතීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් නිලධාරින් සහ සෙසු නිලයින් මෙම උත්සව අවස්ථාවට සහභාගී වන ලදි.