Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

01st November 2024 11:05:32 Hours

ගජබා රෙජිමේන්තුව එහි 41 වැනි සංවත්සරය සමරයි

ගජබා රෙජිමේන්තුව සිය 41 වන සංවත්සරය 2024 ඔක්තෝම්බර් 14 වන දින රෙජිමේන්තුවේ සාම්ප්‍රදාය අනුව විචිත්‍රවත් අයුරින් සමරන ලදි.

එදින උත්සවය ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිවිසුම් දොරටුව අසලදී රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එම් ජි ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් එම් සි බි වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත විචිත්‍රවත් කඳවුරු මුරයක් පිරිනමමින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව, රෙජිමේන්තු නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් ඩබ්ලිව් අයි වි කේ එම් විමලරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි වෙත සිය උපහාරය පුදකරමින් එතුමන්ගේ පිළීරුව වෙත පුෂ්පෝපහාර දක්වමින් ඔහුගේ උරුමය සහ රෙජිමේන්තුවට කළ දායකත්වයට ගෞරවය පරිනමන ලදි.

පසුව රෙජිමේන්තු අධිපති තුමන් වෙත උත්කර්ෂවත් සම්මාන පෙළපාලියකින්ද ගෞරවය පිරිනැමුණු අතර,මෙම අවස්ථාවට රෙජිමේන්තු අධිපති තුමන්ගේ ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ හමුදා පුහුණුව ලබමින් සිටියදී කැඩෙට් උපදේශකවරුන් වූ බලලත් නිලධාරි 1 මයංගේ පද්මනාදන්, (විශ්‍රාමික), බලලත් නිලධාරි 1 ප්‍රමෝද් ධර්මදාස (විශ්‍රාමික) සහ බලලත් නිලධාරි 1 ලක්ෂ්මන් ප්‍රනාන්දු (විශ්‍රාමික) යන විශේෂ ආරාධිතයින් සහභාගී වීම වඩාත් කැපී පෙනුණි.

ඉන් පසු නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ සමගිය සහ සුහදත්වය වර්ධනය කරමින් සියලු නිලයින් වෙත දිවා භෝජන සංග්‍රහයකින් සංවත්සර සැමරුම අවසන් විය. මෙම අවස්ථාවට රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රෙජිමේන්තු කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම නිලයන් නියෝජනය කරමින් සහභාගී වීමෙන් ගජබා රෙජිමේන්තුව තුළ ඇති බැඳීම් තවදුරටත් ශක්තිමත්කල අවස්ථාවක් විය.