Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

01st November 2024 10:57:31 Hours

ගජබා රෙජිමේන්තුවේ 41 වැනි සංවත්සර පිරිත් සජ්ඣායනය සහ දානමය පිංකම

ගජබා රෙජිමේන්තුවේ 41 වැනි සංවත්සරයට සමගාමීව ඔක්තෝබර් 13 වැනි දින රාත්‍රියේ රෙජිමේන්තු මධ්‍යථාන ගෘහස්ථ ක්‍රීඩාගාර පරිශ්‍රයේදී ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රධාන ආරාධිතයා වශයෙන්ද, ගජබා රෙජිමේන්තු අධිපති තුමන්, රෙජිමේන්තු මණ්ත්‍රණ සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ද, මියගිය නිලධාරීන් සහ රණවිරුවන්ගේ සමීපතම ඥාතීන්ද සමඟ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් සහ පසුදින දානමය පිංකමක් පැවැත්විණි.

සාම්ප්‍රදායික බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර සමගින් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවෙන් උත්සවය ආරම්භ වන ලද අතර, ආගමික සංස්කෘතික හා අධ්‍යාත්මික බැඳීම් ඉස්මතු කරමින් රෙජිමේන්තුවේ නිලධාරීන්ට සහ සෙබළුන්ට ආශිර්වාදය මෙන්ම රෙජිමේන්තුවේ සාමාජිකයන් අතර ශක්තිමත් සමගිය පිළිබඳ හැඟීමක් ඇති කරවන ලදි.

පසුදින එනම් ඔක්තෝබර් 14 වැනිදා උදෑසන දානමය පිංකම සිදුකරන ලද අතර, රෙජිමේන්තුවේ අධිපති තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙන්ම මියගිය රණවිරුවන්ගේ ඥාතින්ද සමඟින් භික්ෂූන් වහන්සේලාට දානය පිළිගැන්වීමේ අවස්ථාවට සහභාගී වන ලද අතර, එය රෙජිමේන්තුවේ සංවත්සරය අති සාර්ථක ලෙස සැමරීමට මහෝපකාරි වන ලදි.