15th December 2024 09:00:00 Hours
ගජබා රෙජිමේන්තු අධීපති තුමන්ගේ නව සංකල්පයකට අනුව කෙටේරියන්ස් පවුල් අතර සුහදතාවය, එකමුතුකම වර්ධනය කිරීම, බැඳීම් ශක්තිමත් කිරීමට සහ කෙටේරියන් ප්‍රජාවේ සමගියේ වටිනාකම ඔප්නැංවීම සඳහා විවිධාකාර සහ ආකර්ෂණීය වැඩසටහන් වලින් සමන්විත ‘කෙටේරියන්ස් පවුල් හමුව‘ 2024 දෙසැම්බර් මස 13 සිට 15 දින දක්වා සාලියපුර ගජබා නිවහනේදී පවත්වන ලදි.
රෙජිමේන්තු මධ්‍යස්ථාන විහාරස්ථානයේදී බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර සමඟින් මෙම වැඩසටහන සමාරම්භය සිදුකල අතර, බෞද්ධ පිළිවෙත්වල සම්ප්‍රදායන් මෙන්ම දමිළ ජනතාවගේ හින්දු ආගමික චාරිත්‍ර ඇතුළත් සංස්කෘතික වැදගත්කම පිළිබඳව පවුල් දැනුවත් කිරීමද ඒ වෙනුවෙන්ම කඳවුරු පරිශ්‍රයේ නිර්මාණය කර ඇති පුල්ලයාර් කෝවිලෙහි සිදුකරන ලද හින්දු ආගමික වතාවත් මගින් ඉගෙන ගැනීමට මෙන්ම, මෙම ක්‍රියාකාරකම් කෙටේරියන් ප්‍රජාව තුළ විවිධ ආගමික හා සංස්කෘතික උරුමයන් පිළිබඳ අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව උදාකර දෙන ලදි.
“ස්ප්‍රින්ට් ටු ග්ලෝරි” කෙටේරියන් පවුල් තුළ අන්තර් පුද්ගල බැඳීම් සහ නායකත්ව කුසලතා ශක්තිමත් කිරීම සඳහා එළිමහන් පරිශ්‍රයේ නිර්මාණය කරන ලද පවුල්වල ජව සම්පන්න අන්තර්ක්‍රියා ඇගයීමෙ සැසියකි.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රවීණ කීර්තිමත් කථිකාචාර්යවරුන්ගේ ප්‍රධානත්වයෙන් වැඩිහිටියන් සඳහා ‘ජීවන මාර්ගෝපදේශ‘ සහ තරුණ, ළමා සාමාජිකයින් සහා නායකත්ව කුසලතා සහ සමාජ කටයුතු පිළිබඳවද ඉතා හරවත් දේශණයන් පවත්වන ලදි.
ඉන් අනතුරුව ශාන්ත ජෝශප් විද්‍යාලයේ උප විදුහල්පති ගරු ඩේමියන් පෙරේරා පියතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රබෝධමත් නත්තල් පණිවිඩයක් සහ යාඥාවක්ද පැවැත්විණි. කිතුනු සම්ප්‍රදායන් සහ සංස්කෘතික ක්‍රියාකාරකම් පිළිබඳව පවුල්වලට ඉගෙන ගැනීමට උපකාර කිරීම සඳහා පල්ලියේ ගීතිකා කණ්ඩායම සමඟ කෙටේරියන් සාමාජිකයින් එක්ව විශේෂ කැරොල් ගීතිකා ප්රසංගයක්ද පවත්වන ලදි.
දරුවන්ට ඉමහත් සතුටක් ගෙන දෙමින් නත්තල් සීයාගේ පැමිණීමත් සමඟ උත්සයට ඉන්ද්‍රජාලික මොහොතකට පත්විය. එය ප්‍රීතියෙන්, සිනහවෙන් සහ එකමුතුවෙන් පිරුණු සැන්දෑවක් වූ අතර, එය නත්තල් සමයෙහි අත්දැකීම් මනාව ඔප්නංවන ලදි.
දෙසැම්බර් 15 වන දින, සියලුම සාමාජිකයින් සමඟ විශේෂ සේවා වනිතා රැස්වීමක් පවත්වමින් රෙජිමේන්තු ප්‍රජාව සහ සිවිල් සේවකයින්ට සහය දැක්වීම සඳහා ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කල අතර, මනස උද්යෝගි කරවන සංදර්ශනයක් පැවැත්විණි. සේවා වනිතා ශාඛාව සහ ආරියරත්න පදනම අතර සහයෝගීතාවය මත මෙම වැඩසටහන් මාලාව සිදුකල අතර, එය රෙජිමේන්තුවේ එකමුතුකම සහ ආත්මීය බැඳිම් මනාව පිළිඹ්බු කරවන ලදි.