Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව

17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව මෙම ඒකකය ආසේමු(මධ්‍යම) බල ප්‍රදේශය යටතේ ස්ථාපනය කිරීම සඳහා FRO 28/2014 හා 2014.11.11 දිනැති හමුදා නියෝගය මගින් 2014.08.26 දින සිට බල පැවැත්වෙන සේ පිහිටුවීම පිණිස අනුමැතිය ලබා දී ඇති අතර, ඒ අනුව මෙම ඒකකය ස්ථාපනය කිරීමේ මුලික කටයුතු සඳහා ප්‍රථම නිලධාරි වශයෙන් RHQ/A/OFFICR/06/371 හා 2014.09.10 දිනැති ඉංග්‍රීසි ලිපිය මගින් නි/750436 ලුතිතන්(උපා) කාර්මික පිපිඑස්පී බණ්ඩාර ඉසේබ නිලධාරි නම්කරන ලද අතර, 2014.09.30 වන දින රෙමඉසේබ වෙතින් සෙසුනිලයින් 15දෙනෙක් ආසේඉ(දියතලාව)වෙත රපෝර්තු කරවන ලදි. මෙම ඒකකයේ ප්‍රථම අණදෙන නිලධාරි වශයෙන් නි/63463 මේජර් එම්එන්ජේ පෙරේරා ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2014.10.01 වන දින ආසේඉ(දියතලාව)වෙත රපෝර්තු කරන ලදි. මෙතෙක් 1වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව යටතේ ආසේඉ (දියතලාව), ආසේඉ (මහනුවර), ආසේඉ(හම්බන්තොට) සහ ආසේඉ(බුත්තල)යන ආසේඉ ස්ථානයන්හි රාජකාරියෙහි නියුතුව සිටි සෙසුනිලයින් 356 දෙනකු 2014.12.01 දින ගමන් නියෝගයක් මගින් රෙමඉසේබ වෙතින් මෙම ඒකකය වෙත රපෝර්තු කරවන ලද අතර, සෙ/750240 බනි ll වීරසේකර ඒසීටීඒ ඒකකයේ රෙඋපාසැමේ වශයෙන්ද, සෙ/751439 මා/සැ දන්තකුමාර පීකේඑස් ඒකකයේ වැ:බ ප්‍රධාන ලිපිකරු වශයෙන්ද පත්කරන ලදි.

ආසේමු(මධ්‍යම)බලප්‍රදේශයේ දියතලාව මැණික්කන්ද ප්‍රදේශයේ වෙන්කර ඇති අක්: 10යි පර්: 27ක භූමි ප්‍රදේශයක මෙම රෙජිමේන්තුව ස්ථාපිත කර ඇති අතර, වර්තමානයේ රෙජිමේන්තුවෙහි අණදෙන නිලධාරි ලෙස නි/65116 ලුතිතන් කර්නල් ඊ ඒ ඩී පී එදිරිසිංහ එල්එස්සි ඉසේබ කටයුතු කරනු ලබයි.