10th April 2024 11:58:53 Hours
ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාව විසින් 2024 අප්‍රේල් 09 වන දින අතුරුගිරිය 7(ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේදී ඉංජිනේරු සේවා බලකායේ සේවය කරන තෝරාගත් පිරිස් අතර වියළි සලාක ඇසුරුම් 200ක් බෙදා දෙන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි සුරංගි අමරපාල මැතිණිය විසින් එම සහන මළු ප්‍රතිලාභීන් අතර බෙදා දෙන ලදී.
ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරී (යුහරෝ – කොළඹ) ලුතිනන් කර්නල් ශෂිකලා පෙරේරා ඉසේබ, අණදෙන නිලධාරි 7(ස්වේ) ඉසේරෙ මේජර් එම්පීඑස් නදීශාන් එල්එස්සී ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී වූහ. p>