Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

03rd June 2024 13:42:31 Hours

ඉසේබ සේවා වනිතා ශාඛාවේ හිටපු සභාපතිණියට සමුදීම

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාව (CES-SVB) විසින් 2024 මැයි 30 වන දින රෙමඉසේබ හි නිලධාරී නිවස්නයේදී ඉසේබ සේවා වනිතා ශාඛාවෙ හි නික්මයන සභාපතිණි සුරංගි අමරපාල මැතිණියට සරල සමුගැනීමේ උත්සවයක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ඉසේබ සේවා වනිතා ශාඛාවෙහි ගරු සභාපතිණි උදිතා පෙරේරා මැතිණිය විසින් හිටපු සභාපතිණි සුරංගි අමරපාල මැතිණිය නිලධාරී නිවස්න දොරටුව අසලදී උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

පසුව, තුවාල ලැබූ සහ මියගිය රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහ රණවිරු පවුල්වල සුබසාධනය නඟා සිටුවීමට සුරංගි අමරපාල මහත්මිය විසින් ඉටු කරන ලද අමිල මෙහෙවර අවධාරණය කරමින්, නික්ම යන සභාපතිණිය වෙත පිළිගැනීමේ කථාවක් සිදු කරන ලදී. බලකායේ ක්‍රියාකාරී සේවය සහ හිටපු සභාපතිනියගේ සහ ඇයගේ ආදරණීය පවුලේ අයගේ අනාගත කටයුතු සඳහා සුබ පැතුම් එක් කළේය.

අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතූ සුරංගි අමරපාල මැතිණිය සමුගැනීමේ උත්සවය වෙනුවෙන් ඉසේබ සේවා වනිතා ශාඛාවෙහි සභාපතිණියට සහ සාමාජිකාවන්ට ස්තූතිය පුද කළ අතර, සියලු සේවා වනිතා සාමාජිකාවන්ගෙන් තමාට ලැබුණු සහයෝගය සහ දිරිගැන්වීම කෘතවේදීව හා ඉහළින්ම සිහිපත් කළාය. ඒ ක්‍රියාවන් අගය කළාය.

රැස්වීම සඳහා සූදානම් කර තිබූ තේ පැන් සංග්‍රහය පිළිගැනීමෙන් පසු දවසේ කටයුතු අවසන් විය.