16th October 2024 10:19:00 Hours
බ්‍රිගේඩියර් කේඑල් මුණසිංහ යූඑස්පී විසින් 2024 ඔක්තෝබර් 15 වන දින ඉංජිනේරු සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක තනතුර අත්හරින ලදී. සාම්ප්‍රදායික ලෙස මෙම උත්සවය ආරම්භ වූයේ කඳවුරු සම්මාන මුරයකින් අනතුරුව ඉසේබ රණවිරු ස්මාරකයට මල් වඩමක් තැබීමෙනි.
නික්ම යන මධ්‍යස්ථාන සේනාවිධායක වෙත පිරිනමන ලද සම්මාන පෙළපාලියකින් පසු සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසු නිලධාරීන්ගේ දේශනයෙන් අනතරුව, සියලු නිලයන් තේ පැන් සංග්‍රහයකට සහභාගීවී භට පිරිස් අමතන ලදී. නික්ම යන මධ්‍යස්ථාන සේනාවිධායක වෙත ඔහුගේ නික්මයාම වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම නිළයන්, සිය කෘතඥතාව සහ සුබපැතුම් පිරිනමන ලදී.
පසුව සවස් වරුවේ, මනෝවිධ්‍යා හා ජනමාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ ඒ එන් රසික කුමාර එන්ඩීසී පීඑස්සී හා ඉසේබ නිලධාරින්ගේ ගේ සහභාගීත්වයෙන්, නික්ම යන මධ්‍යස්ථාන සේනාවිධායක, බ්‍රිගේඩියර් කේ එල් මුණසිංහ යූඑස්පී වෙත සම්ප්‍රදායික සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.