Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

28th November 2025 09:47:59 Hours

2025 සිව්වන කාර් තුවේ නිලධාරීන්ගේ පුහුණු දිනය සාර් ථකව අවසන් විය.

නිලධාරී පුහුණු දිනයක් පැවැත්වීම සඳහා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබා දුන් උපදෙස් අනුව, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ 4 වන කාර් තුව සඳහා වූ සැසිය 2025 නොවැම්බර් 26 වන දින වේරහැර රෙජිමේන්තු මූලස්ථානයේදී මධ්‍යස්ථාන සේනාවිධායකගේ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ නිලධාරීන් 142 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

දිනයේ වැඩ කටයුතු උදෑසන ශාරීරික අභ්‍යාස පුහුණුවෙන් ආරම්භ වූ අතර‚ ඉන් පසුව සරඹ භූමියේදී සරඹ පුහුණුවීම් සිදුකරන ලදී. ඉන්පසු රණවිරු සෙවණ - රාගමහී ප්‍රධාන වෛද්‍ය නිලධාරීණී මේජර් එන්එච්යූ පෙරේරා විසින් "පුල්හීම්ස්" පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදුකරන ලද අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (නිරීක්ෂණ ජාලය සහ උපකරණ) අජිත් ලසන්ත කුමාර විජේමාන්න මහතා විසින් "කාලගුණ විද්‍යා හා ආපදා දෙපාර්තමේන්තුවේ වගකීම" පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී, එය සියලුම නිලධාරීන්ට හරවත් දේශණයක් වූ අතර, සවස සැසිය ආරම්භ වූයේ විවිධ ක්‍රීඩා සඳහා සියලුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ය.

සන්ධ්‍යා සැසිය වර් ණවත් වූ අතර, ජනාධිපති ලේකම් කාර් යාලයේ ප්‍රධාන ගණකාධිකාරී (ප්‍රසම්පාදන) ජී.එස්.කේ. සමරතුංග මහතාගේ පැමිණීමත් සමඟ "ඩයිනර්ස් ක්ලබ්" ආරම්භ වූ අතර, ඔහු විසින් අලුතින් හඳුන්වා දුන් "රාජ්‍ය මූල්‍ය පනතේ කැපී පෙනෙන විධිවිධාන" පිළිබඳ ඉදිරිපත් කිරීමක් පැවැත්වීය. අනතුරුව සියලුම සහභාගිවන්නන් සඳහා රෙමශ්‍රීලයුවෛබ නිලධාරී භෝජනාගාරයේදී සංවිධානය කරන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකින් දවසේ වැඩසටහන අවසන් විය.