Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

08th November 2025 01:15:24 Hours

ශ්‍රීලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර් නල් සේනා විධායක තුමන්ගේ යුද්ධ මූලික රෝහල - පලාලි නිල සංචාරය

ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි ආඥාපති සහ ශ්‍රිලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර් නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේඑම්පිඑස්බි කුලතුංග RSP ndc psc 2025 නොවැම්බර් මස 04 වන දින යුද්ධ හමුදා මූලික රෝහල පලාලි හි නිල සංචාරයක නිරත විය.

කර් නල් සේනා විධායක තුමන් වෙත කදවුරු මුරය පැදකුනු කර පසුකර යෑමෙන් පසුරෝහල් අණදෙන නිලධාරි මේජර් පිඑල්ඒඒ ලේකම්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින්උණුසුම් ලෙස පිලිගැනීමේ පසු රෝහල් භූමිය තුල අඹ පැලයක් රෝපණය කර සමූහ ඡායාරූපය සදහා පෙනී සිටින ලදි.

මෙම රෝහල් සංචාරය අතරතුරදී කර් නල් සේනා විධායක තුමන් විසින් රෝහල් පරිශ්‍රය හා අංශ ආයතන නිරීක්ෂණය කල අතර රෝහල් වෛද්‍ය කටයුතු පිළිබදව සොයා බලන ලදි. එහිදි රෝහලේ පවතින වත්මන් තත්වය නිරීක්ෂණය කල අතර වඩාත් උසස් රෝගී සත්කාර සේවාවක් ලබා දීම වෙනුවෙන් සිදුවිය යුතු වෙනස්කම් සබැදිව උපදෙස් ලබා දෙන අතර අවසන් වශයෙන් කර් නල් සේනා විධායක තුමන් විසින් අමුත්තන් සටහන් තැබීම් පොත සටහන් කිරිමෙන් පසු රෝහල් සංචාරය අවසන් කරන ලදි.