Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

12th September 2025 09:56:05 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ මධ්‍යස්ථාන සේනාවිධායක 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය වෙත නිල සංචාරයක

2025 සැප්තැම්බර් 04 වන දින, ශ්‍ශ ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍ර්ෙග්ඩියර් ඒ පී ඒ ඩී ඩී ධර්මකීර්ති ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී පීටීඑස්සී ෙජ්‍යෂ්ඨ නිලධාරී විසින් 5 වන ශ්‍රී ලංකා ෙෙවද්‍ය බලකාය වෙත නිල සංචාරයක නිරත වන ලදී.

මෙම නිල සංචාරය හමුදා සම්ප්‍රදායන්ට අනුව සිදු වූ අතර, ගෞරව දැක්වීමක් ලෙස පැද පසුකර යාමේ මුරයක් ලබා දෙන ලදී, පසුව අණදෙන නිලධාරී විසින් මධ්‍යස්ථාන සේනා විධායක තුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ඉන් අනතුරුව අණදෙන නිලධාරී විසින් මූලස්ථානයේ කාර් ය භාරයන් සහ පරිපාලන කටයුතු පිළිබදව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් හට සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකරන ලද අතර, සංචාරය සැමරීම සඳහා සමූහ ඡායාරූපයක් ලබා ගන්නා ලද අතර, ඉන් අනතුරුව කඳවුරු පරිශ්‍රය වටා සංචාරයක් සිදු කරන ලදී.

මධ්‍යස්ථාන සේනාවිධායකවරයාගේ භට පිරිස් අමතා සිදුකරන ලද කතාවෙන් පිළිබිඹු වූයේ සියලුම ඒකකවල අභිලාසයන් මුදුන්පත්කර ගැනීම සදහා ඔහු දැක්වූ කැපවීම සහ සෑම ෙෙවද්‍ය බලකා නිලධාරියෙකුගේම සුභසාධනය සහ වෘත්තීය සංවර්ධනය සඳහා ඔහු විසින් සැලසුම් කර ඇති කාර්යභාරයන්ය. එපමණක් නොව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කෙරෙහි ෙෙවද්‍ය බළකායේ තීරණාත්මක කාර් ය භාරය අවධාරණය කරමින් ඉහළම විනය සහ වෘත්තීය ආචාර ධර් ම ප්‍රමිතීන් පවත්වා ගැනීම කෙරෙහි ඔහු අවධානය යොමු කළේය. සංචාරයේ අවසානය නිල වශයෙන් සනිටුහන් කරමින් මධ්‍යස්ථාන සේනාවිධායකතුමා අමුත්තන්ගේ පොතේ අත්සන් තැබීය. මෙම නිල සංචාරය 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛ ද්‍ය බලකායට අභිප්‍රේරණයක් සහ ආඩම්බරයක් විය.