Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

02nd September 2025 10:01:15 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 15 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් කේ එම් පී එස් බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී රාජකාරි භාර ගනී

ශ්‍රී යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 15 වන කර් නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් කේ එම් පී එස් බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2025 ජුනි 27 වන දින රාජකාරි ආරම්භ කළ අතර, එය ආගමික චාරිත්රානුකූලව සහ විධිමත් හමුදා සම්ප්‍රදායන් අනුව සනිටුහන් විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් නව කර් නල් සේනාවිධායකවරයා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ඔහු රෙජිමේන්තු මධ්‍යස්ථාන පෙළපාළි භූමියේදී හමුදා උත්තමාචාරයක් පිරිනමන ලදී. කර් නල් සේනාවිධායක කාර්යාලයේදී ඔහුගේ නව පත්වීමට ආශිර්වාද පතා කෙටි ආගමික උත්සවයක් පවත්වන ලදී.

නව කර් නල් සේනාවිධායකවරයා පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුභ මොහොතකින් නිල වශයෙන් ධුරයේ වැඩ භාර ගැනීම සංකේතවත් කරමින් නිල ලේඛනයකට අත්සන් තැබීය. ඔහුගේ රාජකාරි භාරගැනීමේ සලකුණක් ලෙස, කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කරන ලදී.

පසුව, කර් නල් සේනාවිධායකතුමන් නිලධාරීන් සහ සෙසු නිලයින් අමතමින්, රෙජිමේන්තුවේ ආත්ම ශක්තිය, වෛද්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය, පුහුණු හා පරිපාලන කාර් යන් සහ නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ වෘත්තීය සංවර්ධනය වැඩිදියුණු කිරීම සඳහා වූ තම අරමුණු සහ අපේක්ෂිත සැලසුම් අවධාරණය කළේය. නව කර් නල් සේනාවිධායකතුමන් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි සෙසු නිලයින්ගේ භෝජනාගාරයේ දී සියලු නිලයන් සඳහා තේ පැන් සංග්‍රහයක් සමඟින් දින වැඩසටහන අවසන් කළේය.