Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

01st September 2025 20:33:28 Hours

බ්‍රිගේඩියර් S K ජයසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී හට විශ්‍රාම යාම නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය වෙතින් උපහාර

විශ්‍රාම යන මුඛ හා හනුක පිළිබඳ විශේෂඥ වෛද්‍ය බ්‍රිගේඩියර් සම්පත් ජයසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී හට උපහාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තුව විසින් 2025 අගෝස්තු 28 වන දින වේරහැර රෙජිමේන්තු මධ්‍යස්ථාන ෙය්දී සමුගැනීමේ උත්සවයක් පවත්වන ලද අතර, එහිදී ඔහුගේ වසර 37 ක විශිෂ්ඨ සේවය අඟය කරන ලදී.

උත්සවයේ පළමු අදියර ලෙස, රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි බ්‍රිගේඩියර් සම්පත් ජයසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ප්‍රධාන දොරටුව අසලදී යුද්ධ හමුදා සම්මාන මුරයක් පිරිනමන ලදී. පසුව, රෙජිමේන්තු සරඹ භූමියේදී බ්‍රිගේඩියර් සම්පත් ජයසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී හට සම්මාන පෙළපාලියකින් ආචාර කරන ලදී.

දිනයට මතකයන් එක් කරමින්, සියලුම නිලධාරීන් සහ සෙබළුන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමට බ්‍රිගේඩියර් සම්පත් ජයසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී හට ආරාධනා කරන ලදී. ඉන් අනතුරුව විශ්‍රාම යන බ්‍රිගේඩියර් සම්පත් ජයසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී කොනොනි සමාජශාලාවේහි සියළු නිලයින් විසින් සංවිධානය කර තිබූ තේ පැන් සංග්‍රහයකට එක්වී සියලුම භට පිරිස් සමඟ සුහද කතා බහක නිරත විය. උත්සවයෙන් පසු සියලුම නිලධාරීන් සහ අනෙකුත් නිලයන්ගෙන් සමන්විත වීදි පෙළපාළියක සුභාසිංෂණ මැද ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු පරිශ්‍ර ෙයන් පිටත්ව යන ලදී.

ඒ දින රාත්‍රිෙය්දී බ්‍රිගේඩියර් සම්පත් ජයසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ විශ්‍රාම යාම සනිටුහන් කරමින් ඔහු සහ ඔහුගේ ආදරණිය බිරිඳ වෙනුවෙන් රෙජිමේන්තු නිලධාරී නිවස්නයේදී ජ්‍යෙෂ්ඨ නිලධාරී, නිලධාරී/ නිලධාරිනියන්ගේ සහභාගීත්වයෙන් සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.

රෙජිමේන්තු කවුන්සිලයේ සාමාජිකයින් ඇතළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔවුන්ගේ කලත්‍ත්‍රයන් සමඟ සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූ අතර, රෙජිමේන්තුවට සහ සමස්ථයක් වශයෙන් යුද්ධ හමුදාවට කරන ලද සේවය අඟය කරමින් බ්‍රිගේඩියර් එස් කේ ජයසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී හට සමරු තිළිණ ප්‍රධානය කිරීමත් සමඟ උත්සව අවස්ථාව නිමාවට පත්විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය වෙනුවෙන් බ්‍රිගේඩියර් සම්පත් ජයසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී දැක්වූ කැපවීම වෙනුවෙන් රෙජිමේන්තුවේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් සිය හෘදයාංගම කෘතඥතාව පළ කළ අතර, ඔහුට සාමය, සතුට පිරි නීරෝගිමත් විශ්‍රාමික ජීවිතයක් පාර් ථනා කළහ.