21st August 2025 14:12:33 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාරෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ පී ඒ ඩී ඩී ධර්මකීර් ති ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2025.08.12 වන දින 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායෙහි කඳවුරු සංචාරයක නිරත විය. එහිදි මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් හට පැද පසුකර යාමේ මුරයක් ලබාදුන් අතර, 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා අණදෙන නිලධාරීණිය විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
ඉන් අනතුරුව අණදෙන නිළධාරිණිය විසින් මුලස්ථානයේ කාර්ය භාරයන් සහ පරිපාලන කටයුතු පිලිබඳව සවිස්තරාත්මක දැනුවත් කිරිමක් සිදුකරන ලද අතර, පසුව මධ්‍යස්ථාන සේනාවිධායක තුමා හමුදා සම්ප්‍රදායානුකූලව භඨපිරිස් ආමන්ත්‍රණය කරන ලදී.
මධ්‍යස්ථාන සේනාවිධායක තුමා සිය දේශනයේදී අවධාරණය කළේ සියලුම නිලධාරීන්ගේ සහ අනෙකුත් නිලයන්ගේ වගකීම සහ කාර් යභාරය ඉහළම මට්ටමෙන් පවත්වා ගැනීමත්, විනය ආරක්ෂා කිරීම මගින් වෛද්‍ය බලකායේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර් තී නාමය ආරක්ෂා වන බවත්ය.
කඳවුරු සංචාරය අවසානයේ,මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් අමුත්තන්ගේ පොතේ අත්සන් තැබීමෙන් අනතුරුව අණදෙන නිලධාරි තුමිය විසින් එතුමන්ගේ කඳවුරු සංචාරය හා බැඳි සමරු ඡායාරූපයක් පිරිනමන ලදී.