Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

03rd July 2025 18:07:50 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) අභිනව භකාස අණසක ආඥාපති වශයෙන් රාජකාරි භාරගන්නා ලද මේජර් ජෙනරාල් එච්ඒඑම් ප්‍රේමරත්න ndc psc Lsc ‌ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා කඳවුරු සංචාරය.

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) අභිනව භකාස අණසක ආඥාපති වශයෙන් රාජකාරි භාරගන්නා ලද මේජර් ජෙනරාල් එච්ඒඑම් ප්‍රේමරත්න ndc psc Lsc ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් තම පළමු බලඇණි සංචාරය වශයෙන් 2025.06.25 වන දින 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායෙහි කඳවුරු සංචාරයක නිරත විය. මෙහිදි මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් හට පැද පසුකර යාමේ මුරයක් ලබාදුන් අතර, 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා අණදෙන නිලධාරීතුමිය විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව අණදෙන නිළධාරි තුමිය විසින් මුලස්ථානයේ කාර් ය භාරයන් සහ පරිපාලන කටයුතු පිලිබඳව සවිස්තරාත්මක දැනුවත් කිරිමක් සිදුකරන ලද අතර, පසුව නව ආඥාපති තුමන් හමුදා සම්ප්‍රදායානුකුලව භඨපිරිස් ආමන්ත්‍රණය කරන ලදී. අනතුරුව ආඥාපතිතුමන් අමුත්තන්ගේ පොතේ අත්සන් තබමින් සිය සංචාරය අවසන් කරන ලදී