03rd July 2025 16:38:06 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවාවනිතා ශාඛාවේ නව සභාපතිනිය වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා කර් නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේඑම්පීඑස්බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මැතිණිය වන ජී අනුෂානි කුලතුංග මැතිණිය ධුරයේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් රෙමශ්‍රීලයුවෛබ වේරහැර හිදී 2025.07.02 දින උත්සවයක් පවත්වන ලදී. මෙම උත්සවය ආගමික වතාවත් වලින් අනතුරුව ඉතා චාම් අයුරින් පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවාවනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාන්තා සෙබලියන් රැසක් සහභාගී විය.