19th June 2025 09:11:30 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය 2025 වසරෙහි දෙවන නිළධාරී පුහුණු දිනය ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වේච්ජා බලසේනා මුලස්ථාන සේනාවිධායක හා ශ්‍රි ලංකා යුද්ධ හමුද වෛද්‍ය බළකායේ බළකාධිපති මේජර් ජෙනරාල් ඩී කේ එස් කේ දොලගේ යුඑස්පි එන්පිඑස් පිඑස්සී, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පි ඒ ඩි ඩි ධර් මකිර් ති ආර් ඩබ් පි ආර් ඒස් පි යුඑස්පි පිඑස්සි පිටිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ මගපෙන්වීම යටතේ පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ලබා දී ඇති උපදෙස් අනුව, 2025 ජුනි මස 18 වන දින නිලධාරීන් 120 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් වේරහැර රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වන ලදී.
සියලුම නිලධාරීන් සඳහා උදෑසන ශාරීරික අභ්‍යාස පුහුණුවෙන් දවසෙහි පුහුණු වැඩසටහන ආරම්භ කරන ලද අතර අනතුරුව ලුතිතන් කර්නල් (විශ්‍රාමික) ජනක බණ්ඩාර රණරාජා විසින් අවධානය වෙනතකට යොමු වු ලොකයේ නායකත්වය මැයෙන් දේශණයක් සහ කර් නල් එච්එච්ඒඑල්කේ ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින් ඒ අයි තාක්ෂණය අනාගතයේ යුද්ධ හමුදාවට උපයෝගි වන ආකාරය පිලිබඳ හරවත් දේශණ පවත්වන ලදී.
සවස් කාලයේ සන්ධ්‍යා ක්‍රිඩාවලින් පසුව ඒදින වැඩසටහන් නිමාවිය.