Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

18th June 2025 18:01:52 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර් නල් සේනාවිධායක නැගෙනහිර ප්‍රදේශයේ ඇති යුහ රෝහල් ඒකක නිරීක්ෂණය කරයි

ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මෙන්ම ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර් නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩී කේ එස් කේ දොලගේ USP nps psc ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් 2025 ජුනි මස 13 සිට 15 දින දක්වා නැගෙනහිර ප්‍රදේශයේ නිල සංචාරයක නිරත විය. එහිදි එම ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් ශ්‍රිලයුවෛබට අයත් කඳවුරු පරීක්ෂාව සහ භඨ පිරිස්වල සුභසාධක කටයුතු පිළිබද සොයා බලන ලදී.

ජුනි මස 13 වන දින පිළිවෙලින් යුද්ධ හමුදා මුලික රෝහල මින්නේරිය සහ 5 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා ඒකකයෙහි සංචාරය සිදු කල අතර, එම රෝහල සහ ඒකකය වෙත සපැමිණි කර් නල් සෙනාවිධායක අදාල අණදෙන නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනිමින් එම ආයතනයන්හි වත්මන් තත්වය සම්බන්ධයෙන් කෙටි ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී.

5 ශ්‍රිලයුවෛබ ඒකකය සහ යුද්ධ හමුදා මුලික රෝහල මින්නේරිය අණදෙන නිලධාරීන් ඇතුළු සියළු නිලධාරීන් අමතා යුද්ධ හමුදාවේ පවතින නීති රෙගුලාසි සහ පිළිවෙත් වලට අනුගතව තම රාජකාරීන් වගකීම් සහිතව ඉටු කල යුතු බව කර් නල් සේනාවිධායක විසින් ඔවුන් වෙත අවධාරණය කරන ලදී.

මෙම සංචාරය අතරතුරදී මේජර් ජෙනරාල් කපිල දොලගේ ජ්‍යෙෂ්ඨ නිලධාරී එම ප්‍රදේශයේ රාජකාරි නියුතු ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායට අයත් භඨ පිරිස් අමතමින් ඔවුන්ගේ සේවය අගය කල අතර, ඉදිරියේදී උසස්, ගුණාත්මක භාවයකින් යුතු කාර් යක්ෂම වෛද්‍ය සේවාවක් පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. තවද, කර් නල් සේනාවිධායක තුමන් ඇතැම් හමුදා සාමාජිකයන් සිදු කරනු ලබන නීති විරෝධි ක්‍රියා, මත්ද්‍රව්‍ය ජාවාරම්, මනුෂ්‍ය ඝාතන වලට සම්බන්ධ වීමෙන් යුද්ධ හමුදාවට ඇති වන අපකිර් තිය සහ පුද්ගලිකව යුද්ධ හමුදා ඉදිරි ප්‍රගමනයට ඇති වන බලපෑම පිළිබඳව අවධාරණය කරන ලදී. ඊට අමතරව මේ වන විට රජය විසින් දියත් කර ඇති ‘Clean Sri Lanka ’ වැඩසටහන පිළිබඳව සහ එහි සාර් ථකත්වය උදෙසා යුද්ධ හමුදා සාමාජිකයන් සතු කාර් ය භාර් ය පිළිබඳව දැනුවත් කල එතුමන් භඨ පිරිස් සමග කථිකාවක යෙදුනු අතර, එහිදී ඔවුන්ගේ පවතින ගැටළු සහ අවශ්‍යතාවයන් පිළිබඳව සාකච්ඡා කර පවතින තත්වයන් සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීමට ක්‍රියා කලේය.