Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

18th June 2025 17:19:58 Hours

පොසොන් පොහෝදින වැඩසටහන

වෛද්‍ය බලකා සේවාවනිතා ශාඛාව විසින් පොසොන් පොහොය නිමිත්තෙන් මැදවච්චියේ ධම්මජෝති ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද සුමදුර ධර් ම දේශණාවක් 2025.06.10 දින 1700 පැයට යුද්ධ හමුදා රෝහල - කොළඹ හිදී වෛද්‍ය බලකා බලකාධිපතිතුමාගේ හා සේවාවනිතා සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

මෙම අර් ථවත් බෞද්ධ වැඩසටහන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවාවනිතා සභාපතිණිය වන ඩබ්ඩීපී ලිලන්ති දොලගේ මැතිණියගේ පුර් ණ අධික්ෂණය යටතේ සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වේච්ජා බලසේනාධිපති මෙන්ම ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර් නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩීකේඑස්කේ දොලගේ යූඑස්පී ඒන්පිඑස් පිඑස්සි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය.

මෙම පොසොන් පොහොය වැඩසටහන සඳහා හිටපු බලකාධිපතිවරු, හිටපු සේවාවනිතා සභාපතිණින් හා ජ්‍යෙෂ්ඨ සේවාවනිතා සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරී/නිලධාරිනින් රැසක් මෙන්ම 1000 ක් පමණ යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙම වැඩසටහන සදහා සහභාගී විය.

තවද, මෙම ධර් ම දේශණාාවනේවාසිකව ප්‍රථිකාර ගනු ලබන සියළු රෝගීන් සදහා ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දුන් අතර, ධර් ම දේශණාව අවසානයේ ප්‍රණිත බත් හා අයිස්ක්‍රම් දන්සැලක්ද පවත්වන ලදී.