21st May 2025 15:17:55 Hours
වෙසක් පොහොය නිමිත්තෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් 2025 මැයි මස 14 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදි බෝධි පූජාමය පිංකමක් සංවිධානය කරන ලදී.
මෙම උතුම් බෝධිපූජාමය පිංකම ක්‍රියාන්විතයේදි මියගිය සෙබළුන් හට පිංපැමිණ වීමටත් තුවාල ලබා අබාධිත තත්වයට පත් සෙබළුන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් දැනට සේවයේ නියුතු නිලධාරී සෙසුනිලයින් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් වෙත සෙත් පැතිමත් අරමුණු කරගෙන සංවිධානය කරන ලදී.
මෙම බෝධිපුජා පිංකම මෙහෙයවීම සඳහා පුජ්‍යපාද දෙබොක්කාවේ පුණ්‍ය රතන ස්වාමීන් වහන්සේ වැඩම කරන ලදී. උන්වහන්සේ විසින් සහභාගි වූ සියළු අයවළුන් පංචසීලයේ පිහිටුවා පිංකම ආරම්භ කල අතර, අවසානයේ සෙත්පිරිත් දේශනා කර සියළු දෙනාට පිං අනුමෝදන් කර පිංකම අවසන් කරන ලදී
ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා කර් නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩී කේ එස් කේ දොලගේ යුඑස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මගපෙන්වීම මත මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/ නිලධාරීන් සහ සෙසුනිලයින් 300 දෙනෙකු පමණ මෙම උතුම් පිංකම සඳහා සහභාගි වන ලදී.