19th May 2025 11:02:13 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ (ශ්‍රිලංයුහසේව්බමු) සේනාවිධායක මෙන්ම ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර් නල් සේනාවිධායක මේජර් ජෙනරාල් D K S K දොලගේ USP nps psc ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් 2025 අප්‍රේල් මස 28 සිට 30 දක්වා උතුරු ප්‍රදේශයේ නිල සංචාරයක නිරත විය. එහිදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරී ශ්‍රිලයුවෛබට අයත් කඳවුරු පරීක්ෂාව සහ භඨ පිරිස්වල සුභසාධක කටයුතු පිළිබද සොයා බලන ලදී.
අප්‍රේල් මස 28 වන දින, එම ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් පලාලි 4 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා ඒකකය සංචාරය ආරම්භ කළ අතර, පසුව පලාලි යුද්ධ හමුදා මූලික රෝහල සංචාරය කලේය. අප්‍රේල් මස 29 සහ 30 යන දෙදින තුල මේජර් ජෙනරාල් කපිල දොලගේ ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් පිළිවෙලින් මුලතිව් සහ කිලිනොච්චි යුද්ධ හමුදා මූලික රෝහල් වෙත සිය සංචාරයන් සිදුකරන ලදී. එම රෝහල් වෙත පැමිණි පසු කර් නල් සේනාවිධායක අදාළ අණදෙන නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනිමින් එම රෝහල්වල වත්මන් තත්ත්වය පිළිබඳව කෙටි ඉදිරිපත් කිරීමක් ඉදිරිපත් කරන ලදී.
මෙම සංචාර අතරතුර, මේජර් ජෙනරාල් කපිල දොලගේ ජ්‍යෙෂ්ඨ නිළධාරී ප්‍රදේශයේ රාජකාරී නියුතු ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායට අයත්භඨ පිරිස් අමතමින් ඔවුන්ගේ සේවය අගය කළ අතර, අනාගතයේදී උසස් ප්‍රමිතියෙන් යුතු සේවාවන් පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළේය. උසස් විනය ගරුක යුද්ධ හමුදා සාමාජිකයින්ගේ වැදගත්කම අවධාරණය කළ ඔහු, යුද්ධ හමුදාව තුළ සහ සමස්තයක් ලෙස රට තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳවද ඔවුන් දැනුවත් කළේය. ඊට අමතරව මේ වන විට රජය විසින් දියත් කර ඇති ‘Clean Sri Lanka’ වැඩසටහන පිළිබඳව දැනුවත් කළ අතර, එහි සාර් ථතක්වය උදෙසා යුද්ධ හමුදා සාමාජිකයන් වශයෙන් අප සතු කාර් යභාය පිළිබදවද දැනුවත් කිරීම සිදු කලේය.
තවද, කර් නල් සේනවිධායක තුමා ඇතැම් හමුදා සාමාජිකයින් විසින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියාකාරකම් වලට, විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම, මනුෂ්‍ය ඝාතන වලට සම්බන්ධ වීම තුලින් සමස්ථ යුද්ධ හමුදාවට ඉන් ඇතිවන අපකිර් තිය සහ පුද්ගලිකව යුද්ධ හමුදා ඉදිරි ප්‍රගමනයට ඇතිවන බලපෑම පිළිබඳව අවධාරණය කරන ලදි. සිය සංචාරයේදී, කර්නල් සේනාවිධායකතුමා භඨ පිරිස් සමඟ සෘජු කථිකාවක යෙදීමට කාලය වෙන් කළ අතර, එහිදී ඔවුන්ගේ පවතින ගැටළු සහ බිම් මට්ටමේ පවතින තත්වයන් පිළිබඳ වටිනා අදහස් ලබාගැනීමට ක්‍රියා කලේය.
4 ශ්‍රිලයුවෛබ ඒකක අණදෙන නිලධාරී සහ සංචාරය කරන ලද යුද්ධ හමුදා මූලික රෝහල්වල අණදෙන නිලධාරීන් අමතා පවතින නීති රෙගුලාසි සහ පිළිවෙත් වලට අනුගතව තම රාජකාරීන් සහ වගකීම් ඉටු කල යුතු බව දැඩිව අවධාරණය කලේය.
මෙම සංචාරය අතරතුර මයිලිඩ්ඩි ප්‍රදේශයේ අර් ධ වශයෙන් ඉදිකරන ලද ශ්‍රිලයුවෛබට අයත් නිවාඩු නිකේතනය පරීක්ෂා කිරීමට සහභාගි වු එම ජ්‍යෙෂ්ඨ නිලධාරී එහි ඉදිරි වැඩ කඩිනමින් නිම කිරීමට අවශ්‍ය උපදෙස් වගකිව යුතු නිලධාරින් වෙත ලබා දෙන ලදී.