11th April 2025 13:27:04 Hours
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය එක්ව 2025 අප්‍රේල් මස 10 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රිඩාංගනයේදි බක්මහ සැනකෙළියක් පවත්වන ලදී.
මෙම බක්මහ සැනකෙළියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මෙන්ම ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේනාවිධායක මේජර් ජෙනරාල් ඩී කේ එස් කේ දොලගේ යුඑස්පී එන්පීඑස් පීඑස්සී සහභාගි විය.
අනිකුත් ආරාධිත අමුත්තන් ලෙස යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ඩබ්ලිව් එච් යු ඩී විජේරත්න , යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් කේ ජී කේ එච් විජේ වර් ධන ආර් එස්පි යුඑස්පී, නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ආර් එම් එම් මොණරාගල යුඑස්පී, යුද්ධ හමුදා රෝහල්(කො)අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩී කේ එස් එස් දොඩංගොඩ ආර් එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වු අතර, බක්මහ සැනකෙළිය වර් ණවත්රී කිරිම සඳහා නිලධාරීන් සහ සෙසුනිලයින් 500 දෙනෙකු පමණ සහභාගි වුහ.
උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පොල්තෙල් පහන දල්වන ලදී. ඉන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තතා සහ පැමිණ සිටින ආරාධිත ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් අලුත් අවුරුදු කැවිලි මේසය සඳහා සහභාගි විය. තවද ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පැමිණ සිටි සියළු දෙනා අමතා එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභාශිංසන එක්කරන ලදී.
ඉන් අනතුරුව බක්මහ සැනකෙළිය උත්කර්ෂවත් සහ විචිත්‍රවත් ජන ක්‍රිඩාවන්ගෙන් සමන්විත වු අතර, අලුත් අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගයෙන් පසු ක්‍රිඩා උස්තවයේ අවසානය සනිටුහන් විය. ක්‍රිඩා ජයග්‍රහකයින් හට පැමිණ සිටින විශේෂ ආරාධිත අමුත්තන් විසින් ත්‍යාග ප්‍රධාන කිරීමෙන් අනතුරුව පැයක පමණ කාලසීමාවක් සංගීත ප්‍රසංගයක් පවත්වා සහභාගි වී සිටි සියළු අයවලුන් විනෝද වීමෙන් අනතුරුව බක්මහ උත්සවයේ කටයුතු අවසන් විය.