Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

11th April 2025 08:48:37 Hours

ලේ දන්දීමේ කදවුරක් පැවැත්වීම

වෛද්‍ය බලකා සේවාවනිතා ශාඛාවේ අනුග්‍රහයෙන් යුද්ධ හමුදා රෝහල විසින් ලේ දන්දීමේ කදවුරක් කොළඹ යුද හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදි 2025.04.03 දින පවත්වන ලදී.

මෙම අවස්ථාව සදහා වෛද්‍ය බලකා සේවාවනිතා ශාඛාවේ සභාපතිණිය වන ආර් එම් කල්‍යාණි විජේරත්න මැතිණිය ඇතුළු සේවාවනිතා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් හා යුද්ධ හමුදා රෝහල් අධ්‍යක්ෂක නියෝජ්‍ය අධ්යාක්ෂිකා, කලමණාකරණ හා නඩත්තු අධ්‍යක්ෂක, නියෝජ්යත අධ්‍යක්ෂක ඇතුළු යුද්ධ හමුදා රෝහල් රුධිර පාරවිලයන අධ්‍යක්ෂක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරිණීයන් රැසක් සහභාගී වූ අතර, රුධිර දායකයින් 400 ක පමණ ප්‍රමාණයක් තම රුධිරය දන්දීම සදහා සහභාගී විය.

වැඩසටහන සදහා ජාතික ලේ බැංකුව වෙතින් උදා ආහාරය,දිවා ආහාරය සහ තේ පැන් සංග්‍රහය සදහා වෛද්‍ය බලකා සේවාවනිතා ශාඛාව වෙතින් අනුග්‍රහය දක්වන ලදී.