Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

01st April 2025 10:29:01 Hours

2025 වසරෙහි පලවන නිළධාරී පුහුණු දින වැඩමුළුව

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය 2025 වසරෙහි පලවන නිළධාරී පුහුණු දිනය ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වේච්ජා බලසේනා මුලස්ථාන සේනාවිධායක හා ශ්‍රි ලංකා යුද්ධ හමුද වෛද්‍ය බළකායේ බළකාධිපති මේජර් ජෙනරාල් ඩී කේ එස් කේ දොලගේ යුඑස්පි එන්පිඑස් පිඑස්සී, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පි ඒ ඩි ඩි ධර් මකිර් ති ආර් ඩබ් පි ආර් ඒස් පි යුඑස්පි පිඑස්සි පිටිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ මගපෙන්වීම යටතේ පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ලබා දී ඇති උපදෙස් අනුව, 2025 මාර් තු 20 වන දින නිලධාරීන් 130 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් වේරහැර රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වන ලදී.

සියලුම නිලධාරීන් සඳහා උදෑසන ශාරීරික අභ්‍යාස පුහුණුවෙන් දවසෙහි පුහුණු වැඩසටහන ආරම්භ කරන ලද අතර අනතුරුව වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ මානි 11 වෛද්‍ය මේජර් (උපා) එස් ඒ කේ ලොකුහෙට්ටි සහ කොලඹ විශ්ව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය කුමාර කළුආරච්චි විසින් දේශණයක් පවත්වන ලදී.

සවස් කාලයේ සන්ධ්‍යා ක්‍රිඩා පැවැත් වු අතර, සන්ධ්‍යාව වර්ණවත් කරමින ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වේච්ජා බලසේනා මුලස්ථාන සේනාවිධායක හා ශ්‍රි ලංකා යුද්ධ හමුද වෛද්‍ය බළකායේ බළකාධිපති මේජර් ජෙනරාල් ඩී කේ එස් කේ දොලගේ යුඑස්පි එන්පිඑස් පිඑස්සී තුමන්ගේ පැමිණීමත් සමඟ "ඩයිනර්සස් ක්ලබ්" ආරම්භ විය. කොළඹ විශ්ව විද්යාාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ විසින් දේශණයක් සිදු කරන ලද අතර නිළධාරී රාත්‍රි භෝජන සංග්‍රහයෙන් පසු වැඩසටහන් මාලාව අවසන් විය.