Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

01st April 2025 10:15:27 Hours

මහසභා රැස්වීම ශිෂ්‍යාධාර වැඩසටහන හා කාන්තා දින වැඩසටහන

වෛද්‍ය බළකා සේවාවනිතා ශාඛාවේ පහලොස්වන මහසභා රැස්වීම 2025.03.22 දින 0900 පැයේ සිට 1300 පැය දක්වා වෛද්‍ය බළකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණිය වන ආර් එම් කළ්‍යාණි විජේරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි

ඊට සමගාමීව වෛද්‍ය බළකා සාමාජිකයින්ගේ විශ්ව විද්‍යාලීය අධ්‍යපනය හදාරනු ලබන දු දරුවන් 08 දෙනෙකු සඳහා වසරකට රු:50,000.00 බැගින් උපාධි කාලසීමාව අවසන් වන තෙක් ශිෂ්‍යාධාර ලබාදීම ආරම්භ කරන ලදී.

තවද මහසභා රැස්වීම අවසානයේ කාන්තා දිනය නිමිත්තෙන් විශේෂඥ වෛද්‍ය වී ජයාන් මෙන්ඩිස් මහතා විසින් කාන්තාවන් උදෙසා ඉතා හරවත් දේශණයක් සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා වෛද්‍ය බළකා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය හා සේවාවනිතා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් ඇතුළු සාමාජිකාවන් 200 දෙනෙකු පමණ සහභාගී විය. තවද පැමිණ සාමාජිකාවන් සඳහා තිළිණ ලබාදීම සහ දිවා ආහාරය ලබා දීමටද වෛද්‍ය බළකා සේවාවනිතා ශාඛාව කටයුතු කරන ලදී