25th February 2025 16:28:15 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්යහ බලකායේ 35 වන සංවත්සරය 2025 ජනවාරි මස 15 වන දින වේරහැර රෙජිමේන්තු මූලස්ථානයේදී යුද්ධ හමුදා චාරිත්‍රානුකුලව පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂන සේනා ආඥාපති (මධ්‍යම) සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර් නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩි කේ එස් කේ දොලගේ යුඑස්පි පිඑස්සි සහභාගී විය.
රෙජිමේන්තුවේ සාර්ථකත්වයට සහ ඉදිරි ගමනට ආශිර්වාද කිරිම සඳහා සියලු ආගම්වලට අයත් ආගමික වතාවත් රෙජිමේන්තු පරිශ්‍රයේදි පැවැත්විණි. ඉන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් කඳවුරු පරිශ්‍රය තුළ අහැළ පැළයක් රෝපණය කිරීම සහ සමුහ ජායාරූපයකට පෙනි සිටිම සිදු කරන ලදි.
අනතුරුව සියළු නිළයින් විසින් සංවිධානය කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගී වු බලකාධිපති තුමන් අනතුරුව සියළු නිල දිවා භෝජන සංග්‍රහය සහ සැඳෑ කාලය වර්ණවත් කරමින් සියළු නිළයින් විසින් සහභාගි වන ලද අලංකාරවත් සංගීත සඳෑවක් පැවැත්වින.