Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

01st June 2023 11:05:06 Hours

බ්‍ගේඩියර්පි පිඒසි ප්‍රනාන්දු යුඑස්පි මේජර් ජෙනරාල් නිළයට උසස් වන ලදි

ශ්‍රිලයුවෛබ බළකාධිපති වශයෙන් රාජකාරී කරන ලද බ්‍රිගේඩියර් පිඒසි ප්‍රනාන්දු යුඑස්පි ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී මේජර් ජෙනරල් නිළයට උසස්වීම නිමිති කොටගෙන 2023 මැයි මස 29 වන දින කදවුරු මුරයක් හා සම්මාන මුරයක් රෙම ශ්‍රිලයුවෛබ, වේරහැර හිදී පවත්වන ලදි.

වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස්ඒඒ ශාන්ත කුමාර යුඑස්පි විසින් නිළ උසස්වීම් ලද මේජර් ජෙනරාල් පිඒසි ප්‍රනාන්දු යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. ඉන් අනතුරුව කදවුරු මුරයක් සහ සම්මාන මුරයක් පිරිනැමීම සිදුකිරීමෙන් පසු රෙම ශ්‍රිලයුවෛබ මුලස්ථාන ගොඩනැගිල්ල අසල කළුවර පැලයක් රෝපණය කරන ලදි. ඉන් අනතුරුව බළකාධිපති තුමන් සියළු නිලයින් අමතන ලදී. පසුව සියළු නිල තේපැන් සංග්‍රහය සඳහා එතුමන් සහභාගී වන ලදී.

සුභසාධන කටයුතු සඳහා යොදා ගැනීමට යුහමු වෙතින් රෙම වෙත ලද ප්‍රථිලාභ මුදල් ශ්‍රිලයුවෛබ ඒකකයන් වෙත හිමිගැන්වීමද එතුමන් විසින් සිදුකරන ලදී.