Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

28th February 2023 14:54:37 Hours

යුධ හමුදා රෝහලෙහි නව කැඳ අලෙවිසැල විවෘත කෙරේ

වෛද්‍ය බලකා ගරු සභාපතිණිය වන විශේෂඥ වෛද්‍ය ඒ.නිල්මිණී ප්‍රනාන්දු මැතිණියගේ සංකල්පයකට අනුව, දෛනිකව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන්ගේ සහ රෝහල් කාර්යය මණ්ඩලය හට සහනදායී මිලකට පෝෂ්‍ය දායී කොළ කැඳ, කුරක්කන් පිටි කැඳ හා සව් කැඳ වීදුරුවක් ලබා දීමේ අරමුණින් 2023.02.27 දින කොළඹ යුද හමුදා රෝහලේ ජන අවන්හල පරිශ්‍රයේදි කැඳ හළක් විවෘත කරන ලදී.

මෙම අවස්ථාව සදහා වෛද්‍ය බලකා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය, වෛද්‍ය බලකා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, කොළඹ යුද හමුදා රෝහලේ අධ්‍යක්ෂක, හා කළහානඩඅම නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇතුළු වෛද්‍ය බලකා සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගී විය.