Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

16th January 2023 16:35:17 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය සිය අභිමානවත් 33 වන රෙජිමේන්තු දිනය සමරයි.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකා රෙජිමේන්තුව (SLAMC) සිය 33 වන සංවත්සරය (රෙජිමේන්තු දිනය) 2023 ජනවාරි 15 වන දින වේරහැර, බොරලැස්ගමුව, SLAMC රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උත්සවාකාරයෙන් සමරන ලදී. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස SLAMC රෙජිමේන්තු කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් පිඒසි ප්‍රනාන්දු යුඑස්පි සහභාගී වු අතර, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් MM සල්වතුර RWP RSP USP විසින් එතුමන් පිළිගන්නා ලදී.

කඳවුරු අරක්ෂක මුරයකින් එතුමන් පිලිගනු ලැබු අතර, වර්ණවත් පෙළපාලියක් එතුමන් වෙත පිරිනමනු ලැබුහ. ඉන් අනතුරුව, රෙජිමේන්තු කර්නල් සේනාවිධායක වසින් බලලත් නිළධාරී හා සැරයන් නිවස්නය වෙතින් සුදානම් කරන ලද තේ පැන් සංග්‍රහයටද සහභාගී වන ලදී. පසුව ඔහු සියළු නිල දිවා භෝජන සංග්‍රහයටද සහභාගි විය.

තවද රෙජිමේන්තු දිනයට සමගාමීව මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රථිකාර ලබන රෝගීන් සඳහා තැඹිලි දානයක් ලබාදීම 33 වන රෙජිමේන්තු දිනයට සමගාමීව සිදුකරන ලදී.