Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

30th July 2019 22:09:40 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා නිළධාරි පුහුණුවීම් දිනය

ශ්‍රි ලංකා යුද්ධ හමුදා මුලස්ථානයේ උපදෙස් මත කාර්තුවක් තුල පැවැත්විය යුතු නිළධාරි පුහුණුවීම් ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එස්එච් මුණසිංහ ආර්ඩබ්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩිජි හේවගේ ආර්එස්පි ගේ මෙහෙයවීමෙන් ශ්‍රි ලංකා යුධ හමුද වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි 2019 ජූලි මස 24 වන දින අධ්‍යක්‍ෂක වරුන්, නියෝජ අධ්‍යක්‍ෂක වරුන්, ‍ජ්‍යෙෂ්ඨ නිළධාරින් ඇතුළු නිලධාරීන් 80 ක පමණ සහභාගීත්වයෙන් යුතුව පවත්වන ලදී.

නිළධාරි පුහුණුවීම් වැඩසටහන් ආරම්භ කරමින් එදින උදෑසන ශාරීරික අභ්‍යාස වැඩසටහන ක්‍රියාත්මක වු අතර, පසුව නිළධාරින් සඳහා පුද්ගලික සරඹ සහ අසි සරඹ පුහුණුවීම් කටයුතු සිදු කරන ලදි. අනතුරුව මධ්‍යස්ථාන සේනාවිධායක විසින් නිළධාරි පුහුණුව සඳහා පැමිණි නිළධාරින් ඇමතීම සිදු කරන ලද අතර, ‘‘යුධ හමුදා චාරිත්‍ර වාරිත්‍ර හා ආචාර රිතීන්’’ සම්බන්ධව ඉදිරිපත් කිරිමක් යුධ හමුදා කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්පි කරුණාරත්න අයිජි විසින් සිදු කරන ලදි.

දිවා ආහාරයෙන් පසුව ශ්‍රි ලංකා යුධ හමුද වෛද්‍ය බලකායේ බළකාධිපති විසින් පුහුණුවට පැමිණි නිළධාරින් අමතමින් වර්ථමානයේ දි නිළධාරි පුහුණුවීම් පැවැත්වීමේ වැදගත්කම පැහැදිලි කරන ලදි. ඉන් අනතුරුව ‘‘ඉරානයේ න්‍යෂ්ඨික ගැටුම’’ සම්බන්ධව ඉදිරිපත් කිරිමක් රූපවාහිනී සංස්ථාවේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ අධ්‍යෂක විජය දිසානායක මහතා විසින් සිදු කරන ලදි. පුහුණු වැඩ සටහනට සහභාගි වු නිළධාරින් සවස් කාලයේදි ක්‍රිකට්, වොලිබෝල්, බැඩ්මින්ටන් ආදි ක්‍රීඩාවල නිරතවු අතර, පසුව නිළධාරි නිවස්නය තුල ‘‘Diners Club’’ වැඩසටහනක් පැවැත්විනි. එහිදි ‘‘ගෝලිය ත්‍රස්තවාදය’’ පිළිබඳ ඉදිරිපත් කිරිමක් විජය දිසානායක මහතා විසින් සිදු කරන ලද අතර ‘‘දකුණු ආසියාවට අයිඑස්අයිඑස් ත්‍රස්තවාදි ක්‍රියා බලපාන අයුරු’’ පිළිබද ඉදිරිපත් කිරිමක් බ්‍රිගේඩියර් එම්පි කරුණාරත්න අයිජි විසින් සිදු කිරිමෙන් අනතුරුව රාත්‍රි භෝජන සංග්‍රහය අවසානයේ නිළධාරි පුහුණුවීම් දින වැඩසටහන නිමාවට පත් විය.