Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

06th December 2018 16:02:08 Hours

ශ්‍රීලයුවෛබ බලකාධිපති යුද්ධ හමුදා මුලික රෝහල (මුලතිව්) සංචාරය කරයි

යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මෙන්ම යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එස්එච් මුණසිංහ ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි 2018.11.29 දින සිදු කරන ලද යුද්ධ හමුදා මුලික රෝහල (මුලතිව්) සංචාරයට සමගාමීව එහි අභිනවයෙන් ඉදිකල මුළුතැන්ගෙය සහ සළාක අංශ ගොඩනැගිල්ල එදින ඔහුගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

එම ගොඩනැගිල්ල නවීන පහසුකම් වලින් සමන්විතව ඉතා කෙටි කාලයක් තුලදී 16 වන ඉංජිනේරුසේවා රෙජිමේන්තුව විසින් ඉදිකර ඇත. මෙම උත්සව අවස්ථාව සඳහා ආරක්ෂතක සේනා ආඥාපති (මුලතිව්) මේජර් ජෙනරාල් ආර්ඩබ්ඩබ්ඒඩීබී රාජගුරු ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි, 59 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීආර් වනිගසූරිය යුඑස්පි එන්ඩියු යුඑස්ඒ සිජිඑස්සි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ඒකකයෙහි සභාපතිනි බ්‍රිගේඩියර් ඩීටිඑන් මුණසිංහ යුඑස්පි, ආඥාපති ඉනපෙ(මුලතිව්) බ්‍රිගේඩියර් ජේඒඩීපී ජයතිලක යුඑස්පි ඒටීඕ, ආසේමු(මු) බ්‍රිගේඩියර් (ප්‍රමානි) බ්‍රිගේඩියර් ඩබ්ඩීසීකේ කොස්තා ආර්එස්පි යුඑස්පි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරි/නිළධාරිණියන් රාශියක් සහභාගි විය.