Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

19th November 2018 09:53:01 Hours

2018 වර්ෂයේ අභිමංසල I අනුරාධපුර සංචාරය

4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ අයවළුන් විසින්, ක්‍රියාන්විතයේදි ආබාධිත තත්වයට පත්ව සිටින රණවිරුවන්ගේ සුවදුක් විමසිම සඳහා, 2018 නොවැම්බර් මස 06 වන දින අනුරාධපුර අභිමංසල I හී සංචාරයක නිරතවන ලදි.

සංචාරයේ නිරතවු අයවළුන් විසින්, නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රණවිරුවන් සඳහා නාට්‍ය ගීත හා රණවිරු ගීත ඇතුලත් සංගීත වැඩසටහනක් පවත්වන ලදි. පසුව රණවිරුවන් සඳහා ප්‍රණීත දිවා භෝජනයක් පවත්වන ලද අතර, අවසානයේ රණවිරුවන් හට ත්‍යාග පාර්සල් බෙදාදීමක්ද සිදු කෙරුනි.