Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

19th November 2018 09:05:28 Hours

රෙම ශ්‍රීලයුවෛබ නව විධායක අධිකාරි රාජකාරි භාර ගනි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ විධායක අධිකාරි මේජර් ජේආර්කේ සමරකෝන් යුඑස්පි විසින් රෙජිමේන්තුවේ තම තනතුරේ රාජකාරි, නව විධායක අධිකාරි ලෙස පත්වු කපිතන් ඩබ්කේඑන් ප්‍රියන්සි යුඑස්පි වෙත 2018.11.14 දින භාරිදීම්/ භාරගැනීම් සිදුකරන ලදි.

විධායක අධිකාරි තනතුරේ රාජකාරි කල මේජර් ජේආර්කේ සමරකෝන් යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි හට සියළු නිළයින් විසින් සංවිධානය කරන ලද තේ පැන් සංග්‍රහයක් 2018.11.16 වන දින රෙම ශ්‍රීලයුවෛබ හි දී පවත්වන ලදි. තේ පැන් සංග්‍රහය අවසානයේදි ශ්‍රීලයුවෛබ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්එම්ජේආර්කේ සේනාරත්න ආර්ඩබ්පි ආර්එස්පි විසින් මේජර් සමරකෝන් යුඑස්පි විධායක අධිකාරි ලෙස රෙම ශ්‍රීලයුවෛබ වෙත ලබාදෙන ලද සේවාව පිළිබඳව ඇගයීමට ලක්කරන ලදි.