Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

19th November 2018 09:00:34 Hours

නිළධාරි පුහුණුවීම් දිනය

2018 වර්ෂයේ තුන්වන අඩවසර සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ නිළධාරී පුහුණුව මේජර් ජෙනරාල් එස්එච් මුණසිංහ ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි ගේ මගපෙන්වීම යටතේ 2018.11.13 දින නාරාහේන්පිට යුධ හමුදා රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලදී.

පුහුණු දින ආරම්භක අංගය ලෙස උදෑසන ශාරිරික පැවැත්වීමට කටයුතු කරන ලදී. “ජීවන නිපුණතා“ පිලිබඳ හරවත් දේශණයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ සායනික මනෝවිද්යාඥ ලුතිතන් ප්‍රසන්න සමරකෝන් විසින් පවත්වන ලද අතර, “සෙසුනිල වාරවා“ පිලිබ‍ඳ දැනුවත් කිරිමේ දේශණයක් ශ්‍රී ලංකා යුධ හමුදා පිරිස් පාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන ලිපිකර වන බනි 1 ජිජි සැන්ද කුමාර විසින් සිදුකරන ලදී. දිනයේ අවසන් දේශණය ලෙස කාලෝචිත මාතෘකාවක් යටතේ “ළමා හා කාන්තා අපචාර හා නිතිමය ආවරණය“ යටතේ ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂකක මනෝජ් සමරසිංහ විසින් සිදුකරන ලදී.