Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

07th November 2018 14:35:50 Hours

බ්‍රිගේඩියර් ටීජේ ලියනආරච්චි මේජර් ජෙනරාල් නිළයට උසස් වන ලදි

2018 ඔක්තෝබර් මස 28 වන දින මේජර් ජෙනරාල් ටීජේ ලියනආරච්චි හට නිළ උසස්වීම් නිමිති කොටගෙන කදවුරු මුරයක් හා සම්මාන පෙළපාලියක් රෙම ශ්‍රීලයුවෛබ, වේරහැර හිදී පවත්වන ලදි.

මේජර් ජෙනරාල් ටීජේ ලියනආරච්චි 1982 නොවැම්බර් මස 1 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කපිතන්වරයකු ලෙස බැදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෛද්‍ය බලකායට වසර 36 ක නොකැලැල් සේවයක් ඉටු කිරීමෙන් පසු 2018 ඔක්තෝබර් මස 29 වන දින විශ්‍රාම යන ලදි. ඔහු විසින් දන්ත වෛද්‍යවරයකු ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශ වල තම රාජකාරිය කැපකීරීමෙන් ඉටු කරන ලද අතර, අවසන් වරට වෛද්‍ය උපර්ජන සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂක ලෙස රාජකාරියේ නිරත වන ලදි.

වෛද්‍ය බලකා රෙජිමේන්තුවේ මධ්‍යසථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්එම්ජේආර්කේ සේනාරත්න ආර්ඩබ්පී ආර්එස්පී විසින් මේජර් ජෙනරාල් ටීජේ ලියනආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. ඉන් අනතුරුව කදවුරු මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමීම සිදුකිරීමෙන් පසු රෙම ශ්‍රීලයුවෛබ මුලස්ථාන ගොඩනැගිල්ල අසල අඹ පැලයක් රෝපණය කරන ලදි. පසුව රෙජිමේන්තු සැරයන් මේජර් එස්ජේඑම්කේ සෙනෙවිරත්න විසින් බනි/ සැරයන් නිවස්නය විසින් සංවිධානය කර තිබු තේ පැන් සංග්‍රහය භුක්ති විදීමට පැමිණ සිටි ජ්‍යෙෂඨ නිළධාරීන් හා සෙසුනිළයින් හට ආරාධනා කරන ලදි. මේජර් ජෙනරාල් ටීජේ ලියනආරච්චි ඇතුළු ජ්‍යෙෂඨ නිළධාරීන් හට සහ පැමිණ සිටි ආරාධිත අමුත්තන් හට නිළධාරී නිවස්නයේ දිවා ආහාරය සුදානම් කර තිබු අතර, අනතුරුව නිළධාරී නිවස්නයේ සිට ප්‍රධාන දොරටුව දක්වා නිළධාරීන් සහ සෙසුනිළයින් විසින් මේජර් ජෙනරාල් ටීජේ ලියනආරච්චි හට ජය ශ්‍රී කියමින් සුභ පතන ලදි.