Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

16th August 2018 12:03:09 Hours

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නව අණදෙන නිළධාරි වැඩ භාරගනී.

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 19 වන අණදෙන නිළධාරි වශයෙන් වෛද්‍ය මේජර් ඩීඑම්ඩීජේ දිසානායක ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් 2018 අගෝස්තු මස 02 වන දින නව තනතුරේ රාජකාරි ආරම්භ කිරීම නිමිත්තෙන් එම ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් හට සම්මාන මුරයක් හා ශ්‍රීලයුවෛබ නිළධාරි/සෙසුනිළයින්ගේ සහභාගීත්වයෙන් අභිමානවත් සම්මාන පෙළපාලියක් පිරිනැමීමෙන් අනතුරුව ආගමික වතාවත්හි නිරතවීමෙන් පසු සුභ මොහොතින් නව තනතුරෙහි රාජකාරි භාරගත් අතර, ඉන් අනතුරුව මාතෘ භූමියේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය සුරක්ෂිත කිරිම උදෙසා යුධ බිමේදි මියගිය හා අතුරුදහන් වු රණවිරුවන් වෙනුවෙන් ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා කඳවුරු භුමිය තුල පැලයක් රෝපණය කර සියළු නිළයන් වෙනුවෙන් පවත්වන ලද භෝජන සංග්‍රහයෙන් පසු එදින වැඩ සටහන නිමාවිය.