Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

16th February 2024 12:54:47 Hours

සුඩාන් රාජකාරී අධියර 10 වෛද්‍ය කණ්ඩායම දකුණු සුඩානය බලා පිටත් වේ

දකුණු සුඩානයේ 10 වන බළඇණියෙහි රාජකාරී භාරගැනීම සඳහා ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ සාමාජිකයින් පිරිස 2024 පෙබරවාරි මස 06 වන දින උදෑසන ශ්‍රි ලංකාවෙන් පිටත්ව ගියේය

10 වන බලඇණිය සඳහා අණදීම ලුතිනන් කර්නල් ඩිඑම්ඩිජේ දිසානායක ආර්එස්පි යුඑස්පි සහ දෙවන අණදෙන නිලධාරී ලෙස මේජර් එන්අයි රත්නායක කටයුතු කරනු ලබන අතර, දකුණු සුඩානය බලා පිටත්ව යන 10 වන බලඇණිය සඳහා යුධ හමුදා නිලධාරීන් 14 දෙනෙකු, නාවික හමුදා නිලධාරින් 01 අයෙකු සහ සෙසු නිලයින් 49 දෙනෙකු ඇතුළුව හමුදා සාමාජිකයින් 64 දෙනෙකුගෙන් සමන්විත වේ.

මෙම අවස්ථාවට සුභාශිංසන එකතු කිරිම සඳහා යුද හමුදාපතිවරයා නියෝජනය කරමින් යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ බළකාධිපති මේජර් ජෙනරාල් පී.ඒ.සී. ප්‍රනාන්දු යුඑස්පි, අධ්‍යක්ෂක විදේශ මෙහෙයුම් බ්‍රිගේඩියර් එල්එස්ඩබ්ලිව් ලියනගේ යුඑස්පි පිඑස්පි, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඒයුඑස් වනසේකර ආර්ඩබ්ලිව්පි යුඑස්පි සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිළධාරී පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ