Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

25th November 2022 14:37:28 Hours

සුඩාන් 8 වන අධියර යුද්ධ හමුදාධිපති තුමන්ට ආචාර පුදකරයි

සුඩාන් රාජ්‍ය බලා පිටත්ව යන දෙවන මට්ටමේ රෝහලේ 8 වන කණ්ඩායම විසින් 2021 දෙසැම්බර් 24 වන දින වේරහැර වෛද්‍ය බලකා රෙජිමෙන්තු මධ්‍්‍යස්ථානයේදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුධ හමුදාපති ජෙනරාල් L H S C SILVA WWV RWP RSP VSV USP ndc psc Mphil වෙත සිය ගෞරවය පිරිනමන ලදී.

ආචාර පෙලපාලිය නිලධාරීන් 16 දෙනෙකුගෙන් සහ සෙසු නිලයින් 50 දෙනෙකුගෙන් සමන්විත වු අතර, පෙලපාලියේ අණදීම මේජර් ඩී වයි එස් කුමාර විසින් සිදු කරන ලදී.

අණදෙන නිළධාරි ලුතිනන් කර්නල් එන් එම් එන්ඒම් නිෆ්ලාර්, 8 වන කණ්ඩායම සඳහා උපදේශකවරුන් 4 දෙනෙකු, වෛද්‍ය නිලධාරීන් 5 දෙනෙකු, එක් දන්ත වෛද්‍ය නිලධාරියෙකු, නිලධාරීන් 7 දෙනෙකු, ශ්‍රිලයුවෛබ සෙසු නිලයින් සහ 5 ශ්‍රි ලංකා සංඥා බලකායේ, ඉංජිනේරු සේවා බලකායේ නියෝජිතයින් 66 දෙනෙකුගෙන් සමන්විත වේ.

ශ්‍රි ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ටී ජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් සී ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, කර්නල් අණදෙන නිලධාරීන් සහ ශ්‍රි ලංකා සංඥා බලකාය, ඉංජිනේරු සේවා බළකාය, ශ්‍රි ලංකා යුධ හමුදා සේවා බළකාය සහ ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට සහභාගී වන ලදී.