Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

25th November 2022 11:51:11 Hours

සුඩාන් 7 වන කණ්ඩායම විසින් යුද්ධ හමුදාධිපති තුමන් වෙත ආචාර කරයි.

දකුණු සුඩානය වෙත පිටත්ව යන සුඩාන් 7 වන කණ්ඩායම විසින් පිරිනමනු ලබන ආචාර පෙලපාලියේ ප්‍රධාන අරාධිතයා වශයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුධ හමුදාපති සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ලුතිනන් ජෙනරාල් ශවේ සිල්වා 2020 නොවැම්බර් 13 වන දින සහභාගී වුහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා පිලිගනු ලැබුයේ ශ්‍රිලයුවෛබ කර්නල් සේනාවිධායක සහ යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ‌ජෙනරාල් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින්ය. පෙලපාලියේ අණදීම සිදු කරනු ලැබුයේ ලුතිනන් කර්නල් ඩීආර්එස්ඒ ජයමාන්න ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින්ය.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ජාතික ධජය, යුධ හමුදා ධජය, එක්සත් ජාතීන්ගේ ධජය සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ ධජය භට පිරිස් වෙත භාර දෙන ලදී. මෙම අවස්ථාව සඳහා ශ්‍රි ලංකා සංඥා බලකාය, ඉංජිනේරු සේවා බලකාය සහ ශ්‍රි ලංකා යුධ හමුදා සේවා බලකා රෙජිමේන්තු වෙත අයත් සෙනීන් සහභාගී වුහ.

මේ සඳහා මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, අධ්‍යක්ෂකවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.