Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

02nd August 2018 08:49:46 Hours

සමාජ ජාලා වෙබ් අඩවි නිවැරදිව භාවිතා කිරිම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන

සමාජ ජාලා වෙබ් අඩවි භාවිතා කිරීමේදී යුද්ධ හමුදා සාමජිකයින් හට ලබා දී ඇති උපදෙස් වලට අනුව සමාජ ජාලා භාවිතා කිරීම සම්බන්ධ රෙජිමේන්තු මධ්‍යස්ථානයට අයත් නිළධාරී/ සෙසුනිළයින්ගේ සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් දැනුවත් කිරීමේ දේශණයක් 2018.07.22 දින කොළඹ යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. එම දැනුවත් කිරිමේ වැඩසටහන සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය වන බ්‍රිගේඩියර් ඩීටීඑන් මුණසිංහ යුඑස්පී ඇතුළු නිළධාරිණියන් සහ නිළධාරී/ සෙසුනිළයින්ගේ භාර්යාවන් 250 කට ආසන්න පිරිසක් සහභාගී විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ කපිතන් චතුර පතිරණ විසින් සමාජ ජාලා වෙබ් අඩවි නිවැරදිව භාවිතා කිරිම පිළිබදව දේශණය පවත්වන ලදි.