Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

24th May 2018 15:50:20 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය ජාතික රණවිරු දිනය සමරයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් අනුව ජාතික රණවිරු දිනයට සමගාමීව 2018 මැයි මස 18 වන දින 0930 පැයට ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා බලකාධිපති මේජර් ජෙනරාල් එස්එච් මුණසිංහ ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ ප්‍රධානත්වයෙන් යුද්ධයේදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි.

වැඩසටහනේ මුල් අංගය ලෙස මේජර් ජෙනරාල් එස්එච් මුණසිංහ ආර්ඩබ්පී ආර්එස්පි යුඑස්පී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහාර දැක්වීම සිදුකරන ලදි. අනතුරුව ශ්‍රී ලංකා ජාතික ධජය මේජර් ජෙනරාල් එස්එච් මුණසිංහ ආර්ඩබ්පී ආර්එස්පි යුඑස්පී විසින් සහ ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ ධජය මේජර් ජෙනරාල් කේපී සුමනපාල විසින් ඔසවා ජාතික ගීය හා යුධ හමුදා ගීතය ගායනා කරන ලදි. පසුව යුද්ධයේදී මියගිය රණවිරුවන් සිහිකිරිම සදහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලද අතර, යුද්ධ හමුදාධිපති තුමා විසින් නිකුත් කරන ලද පණිවුඩය කියවීමෙන් අනතුරුව බලකාධිපති මේජර් ජෙනරාල් එස්එච් මුණසිංහ ආර්ඩබ්පී ආර්එස්පි යුඑස්පී විසින් භඨ පිරිස් අමතා යුද්ධයෙන් රණක්ෂිතයට පත්, අතුරුදහන් වු හා ආබාධිත වු සෙබලුන් විසින් කරන ලද කැපවීම හා ඔවුන්ගේ ධෛර්යය පිළිබදව සිහිපත් කරන ලදි.