Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

15th March 2018 12:45:35 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා මුලස්ථාන ගොඩනැගිල්ල විවෘත කෙරේ

2018 ජනවාරි මස 15 වන දිනට යෙදුන ශ්‍රී ලංකා යුධ හමුදා සංඥා බලකා 28 වන සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකා ඉතිහාසය නව මගකට යොමු කරමින් නව රෙජිමේන්තු මුලස්ථාන ගොඩනැගිල්ල උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.

අභිනවයෙන් ඉදිකරන ලද රෙජිමේන්තු මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් එස්එච් මුණසිංහ අර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී සහභාගී වු අතර, එම අවස්ථාවට හිටපු බලකාධිපතිවරුන් වන මේජර් ජෙනරාල් කේඩීපී පෙරේරා යුඑස්පී (විශ්‍රාමික) සහ මේජර් ජෙනරාල් ඩබ්ජීඑම්යුආර් පෙරේරා යුඑස්පී (විශ්‍රාමික) යන ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ද සහභාගී විය.

වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබිඑමිජේආර්කේ සේනාරත්න ආර්ඩබිපි ආර්එස්පි විසින් වෛද්‍ය බලකා බලකාධිපති මේජර් ජෙනරාල් එස්එච් මුණසිංහ ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. ඉන් අනතුරුව බලකාධිපති වෙත සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමීම සිදුකරන ලදි. අනතුරුව මහා සංඝරත්නය විසින් ආශිර්වාද කර පිරිත් දේශනා කරන ලද අතර, බලකාධිපති විසින් පීත්ත පටිය කපා නව ගොඩනැගිල්ලේ සවිකර ඇති සමරු ඵලකය නිරාවරණය කිරීම සිදුකරන ලදි.

මෙම බලකායේ 28 වන රෙජිමේන්තු සංවත්සරය සිහිවීම සදහා රෙජිමේන්තු ගොඩනැල්ල පිහිටි භුමියේ බලකාධිපති විසින් අඹ පැලයක් රෝපණය කරන ලදි. පසුව රෙජිමේන්තු සැරයන් මේජර් බනි 1 එස්ජේඑම්කේ සෙනෙවිරත්න විසින් බනි සහ සැරයන් නිවස්නය විසින් සංවිධානය කර තිබු තේ පැන් සංග්‍රහය භුක්ති විදීමට බලකාධිපති ඇතුලු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හට ඇරයුම් කරන ලදි.

මෙම අවස්ථාවට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති සහ වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය වන බ්‍රිගේඩියර් ඩීටීඑන් මුණසිංහ යුඑස්පී ගේ මගපෙන්වීම යටතේ වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාව මගින් වෛද්‍ය බලකායේ සාමාජික/ සාමාජිකාවන්ගේ දරු දැරියන් පස් දෙනෙක්ට ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කරන ලදි.

එදිනම රාත්‍රී වෛද්‍ය බලකායේ මියගිය රණවිරුවන්ගේ ලගම ඥාතීන්, ආබාධිත රණවිරුවන්, ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන් සහ සෙසුනිළයින්ගේ සහභාගිත්වයෙන් සර්ව රාත්‍රික පිරිත් දේශණාවක් නව මුලස්ථාන ගොඩනැගිල්ල තුල පැවැත්වු අතර, පසුදින සංඝයා වහන්සේ 28 නමකට දානය පිරි නමමින් 28 වන රෙජිමේන්තු සංවත්සර වැඩසටහන් නිමා කරන ලදි.