Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

04th December 2018 15:52:51 Hours

ශ්‍රිලයුවෛබ සේවාවනිතා ශාඛාව 5 වසර ශිෂ්‍යත්ව සමත්වුවන්ට ත්‍යාග ප්‍රදානය කෙරේ.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාව 2017 සහ 2018 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්වය සමත් ශ්‍රිලයුවෛබ සාමාජිකයින්ගේ දු දරුවන් හට ත්‍යාග ප්‍රධානොත්සවයක් නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල් ශ්‍රවනාගාරයේදි 2018.12.01 දින පැවැත්වීමට කටයුතු කරන ලදි. මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය වන විශේෂඥ වෛද්‍ය බ්‍රිගේඩියර් ඩීටීඑන් මුණසිංහ යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමියගේ ප්‍රධානත්වයෙන් හා සේවා වනිතා සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.

ත්‍යාග ප්‍රධානෝත්සවයේ කටයුතු පොල්තෙල් පහන් දැල්වීමෙන් ආරම්භ කරන ලද අතර, පළමුවෙන්ම 2017 වර්ෂයේ ශිෂ්‍යත්වය සමත් දු දරුවන් හට සහ ඉන් අනතුරුව 2018 වර්ෂයේ ශිෂ්‍යත්වය සමත් දු දරුවන් හට බ්‍රිගේඩියර් ඩීටීඑන් මුණසිංහ යුඑස්පි, බ්‍රිගේඩියර් එන්කේ ආරියරත්න, දීප්ති වික්‍රමසූරිය මහත්මිය, සරෝජනි සුමනපාල මහත්මිය, අනුෂා ලියනආරච්චි මහත්මිය අතින් ත්‍යාග ලබාදීම සිදුකරන ලදි.

එම ත්‍යාග ප්‍රදානෝත්සවය අතරතුර, පැමිණ සිටි දෙමාපිය දූ දරුවන් පිනවිම සඳහා රෙම ශ්‍රිලයුවෛබ වෙතින් ළමා ගීත සදහා දැකුම්කළු රංගනයන් හා 2(සෙව්) ශ්‍රිලයුවෛබ වෙතින් "මහදැනමුත්තාගේ" කථාන්දර කිහිපයක් අළලා සිත් බැඳගන්නාසුළු නාට්‍යයක් ඉදිරිපත් කරන ලදි. ඉන් අනතුරුව ජාතික ගීය ගායනා කිරීමෙන් පසු පැමිණ සිටි දෙමාපිය දුදරුවන් හට තේ පැන් සංග්‍රහයක් පවත්වමින් වැඩසටහන නිමාවට පත්කරන ලදි.