Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

31st January 2024 10:01:20 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකා සමාජිකයෙකු වෙනුවෙන් නිවාස පරිත්‍යාගයක්

ශ්‍රි ලංකා යුද හමුදා වෛද්‍ය බළකාය විසින් සිය සුභසාධන වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින් යුද හමුදාපතිවරයාගේ රණවිරු නිවාස අරමුදලේ 8 වන අදියර යටතේ සුදුසුකම් ලත් සෙබළෙකු සඳහා නව නිවසක් ඉදිකරදීම පසුගියදා සිදු කරන ලදී. කළුතර පයාගල ප්‍රෙදේශයේ පිහිටි මෙම නිවස 2024 ජනවාරි 19 වන දින බලලත් නිළධාරී 1 යුඅයිකේ ජයසිංහ යුඑස්පි (විශ්‍රාමික) වෙත භාර දෙන ලදී. මෙම උදාර කාර්යේ අරමුණ වූයේ උතුම් හමුදා සේවයට කැපවූ යුද්ධ හමුදා සාමාජිකයෙකුට සහ ඔහුගේ පවුලේ අයට හිසට සෙවනක් ලබා දීමයි.

නිවාස ඉදිකිරීම සඳහා 4 ශ්‍රිලයුවෛබ ඒකකයේ සහ 4 වන ඉංජිනේරුසේවා බළඇණියෙහි භට පිරිස් ඔවුන්ගේ ශ්‍රම ශක්තිය, සහ තාක්ෂණික ප්‍රවීණතාවය ලබා දුන්හ. ඔවුන්ගේ කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම මෙම ව්‍යාපෘතිය මල්ඵල ගැන්වීමට ඉවහල් වූ අතර, හමුදා ප්‍රජාව තුළ ඇති සමගිය සහ සුහදත්වය ප්‍රදර්ශණය කෙරෙන අවස්ථාවක් වු අතර, ශ්‍රිලයුවෛබ හි සේවාවනිතා ඒකකය විසින් ගෘහ භාණ්ඩ කට්ටලයක් පරිත්‍යාග කරමින් නව නිවසෙහි සුවපහසුව සහ අලංකාරය තවදුරටත් ඉහළ නංවාලීමට දායක විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ කර්නල් සේනාවිධායක සහ යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් පී.ඒ.සී පුනාන්දු යූ.එස්.පී ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් විසින් මෙම නිවාස විවෘත කිරීමේ සමාරම්භක උත්සවය සඳහා සහභාගී විය. සේවා වනිතා ඒකකයේ සභාපතිනි වෛද්‍ය නිල්මිණි ප්‍රනාන්දු මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට සහභාගි වුහ.

මෙම නිවස ඉදිකිරීමෙන් හිසට සෙවණක් පමණක් නොව, ජාතිය වෙනුවෙන් වසර ගණනාවක් කැපවීමෙන් සේවය කල යුද්ධ හමුදා සාමාජිකයෙකු හට කෘතඥතාවය පල කිරීමත් හා එලෙස සේවය කළ සාමාජිකයින්ගේ සුබසාධනය වැඩි දියුණු කිරීමත් අරමුණු කරගනිමින් මෙම නිවාස ව්‍යාපෘතිය සිදු කරන ලදී.