Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

14th June 2023 15:29:51 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 26 වන මධ්‍යස්ථාන සේනාවිධායක රාජකාරී අරඹයි.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 26 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් WAUS වනසේකර RWP USP ජ්‍යෙෂ්ඨ නිළධාරී 2023.06.14 දින එළඹුණ සුභ මොහොතින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කරන ලදී.

නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක විසින් නව මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් WAUS වනසේකර RWP USP ජ්‍යෙෂ්ඨ නිළධාරී ඉතා උණුසුම් ලෙස පිලිගනු ලැබු අතර, කඳවුරු මුරයකින් ආරම්භ වු රාජකාරී අවස්ථාව ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් සිදු විය. මෙම අවස්ථාව සංඛේතවත් කිරිම පිණිස නව මධ්‍යස්ථාන සේනාවිධායක විසින් රෙජිමේන්තු භුමියේ කළුවර පැළයක් රෝපණය කරණු ලැබු අතර, භඨපිරිස් ඇමතීම හා තේ පැන් සංග්‍රහයටද ද නව මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් WAUS වනසේකර RWP USP ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගි විය.